පිළිකා ඖෂධ සහ කුඩා දරුවන්ට අවශ්‍ය ඖෂධ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශයට

පිළිකා ඖෂධ සහ කුඩා දරුවන් සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 53.3ක් වටිනා ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ.චං (Julie J.Chung) මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත භාරදී තිබෙනවා.

මෙම ඖෂධ තොගය නිල වශයෙන් භාරදෙනු ලැබුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල වෙතටයි.

අදාළ ඖෂධ අතර කුඩා දරුවන්ගේ සමේ රෝග, ආතරයිටිස් රෝග සහ පිළිකා සඳහා අවශ්‍ය වන ඖෂධ වර්ග 16ක් පමණ ඇතුළත්.

ඇමරිකානු ජනතාවගේ පරිත්‍යාගයක් වන මෙය ඇමරිකානු ජාත්‍යන්තර සංවිධානයක් වන Direct Relief ආයතනය හරහා ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය මගින් Medical Help International ආයතනයේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදී තිබෙනවා.

Medical Help International ආයතනයේ මෙහෙයුම් හා සන්නිවේදන අධ්‍යක්ෂ පැඩී දිසානායක මහත්මිය හා එම ආයතනයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති නියෝජිත දිලිනි ද සිල්වා මහත්මිය මෙම පරිත්‍යාග සිදු කිරීමේ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවා.

මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියේ සෑම රටක්ම මෙම අර්බුදකාරි අවස්ථාවේ තම උපරිම ත්‍යාගශීලීත්වය මනාව ඔප්පු කරමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයට විශාල ආධාර උපකාර ප්‍රමාණයක් ලබාදුන් බවයි.

ඖෂධ හා වෛද්‍ය උපකරණ මෙන්ම ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවය නැංවීම, සෞඛ්‍ය තොරතුරු පද්ධති වැඩි දියුණු කිරීම ආදී ක්ෂේත්‍ර මෙන්ම පිළිකා රෝගයෙන් පීඩාවට පත්ව සිටින රෝගී දරුවන්ට තම දෙමාපියන් හා එක්ව සිටීමට පහසුකම් සහිත වාට්ටු ඒකකද විවිධ සංවිධානවල සහ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත ඉදිකර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඉදිරියටත් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව අනෙකුත් අංශ කෙරෙහි ද අවශ්‍ය ආධාර උපකාර ඇමෙරිකානු රජය විසින් ලබා දීමට නොපැකිළව ඉදිරිපත් වන බවයි ඇමෙරිකානු තානාපතිනි ජූලි ජේ චං (Julie J.Chung) මෙහිදී කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14