පිල්ලෙයාන් හා විජේමුණි අද CID වෙත (වීඩියෝ)

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අද (22) පෙරවරු 9.30ට පමණ හිටපු දේශපාලන නියෝජිතයින් දෙපළ මෙලෙස තමන්ට අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කැඳවීමකට අනුවයි ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණ ඇත්තේ.

පිල්ලෙයාන් පෙරේදා (20) දිනයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ 2019 වර්ෂයේ අප්‍රේල් මස 19 වැනි දින සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැන 04’ නාලිකාව මගින් විකාශය කළ වීඩියෝ පටය පිළිබඳ ව විමර්ශන පැවැත්වීම සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදීමටයි.

ඒ අනුව ඔහුගෙන් පෙරේදා දිනයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක් තිස්සේ ප්‍රකාශ ලබා ගත්තා.

මේ සම්බන්ධයෙන් වෙනත් දිනයක නැවත පිල්ලෙයාන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි හිටපු අමාත්‍යවරයාව අද දිනයේදිත් කැඳවා ඇත්තේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතාගේ නමින් සක්‍රීයව ඇති ව්‍යාජ මුහුණුපොතේ ගිණුමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමටයි එම මන්ත්‍රීවරයා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවට තොරතුරු වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27
Video thumbnail
පිල්ලයාන් ගත්තා කියලා දැනගත්ත ගමන් මිනිස්සු පාරට බැහැලා සතුට සමරපු හැටි
00:19
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක
00:32
Video thumbnail
මර්වින්ගේ නඩුවට ආපු පුතා මාලක - මර්වින්ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්
05:34
Video thumbnail
වසන්ත පාර්ලිමේන්තුව දෙවනත් කරයි - අපි තමයි අපේ රටේ ත්‍ර#තවාදය පරාජය කළේ
20:26

?