පිල්ලෙයාන් හා විජේමුණි අද CID වෙත (වීඩියෝ)

හිටපු අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්ත් හෙවත් පිල්ලෙයාන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා.

අද (22) පෙරවරු 9.30ට පමණ හිටපු දේශපාලන නියෝජිතයින් දෙපළ මෙලෙස තමන්ට අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කැඳවීමකට අනුවයි ප්‍රකාශ ලබාදීම සඳහා පැමිණ ඇත්තේ.

පිල්ලෙයාන් පෙරේදා (20) දිනයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ 2019 වර්ෂයේ අප්‍රේල් මස 19 වැනි දින සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ‘චැන 04’ නාලිකාව මගින් විකාශය කළ වීඩියෝ පටය පිළිබඳ ව විමර්ශන පැවැත්වීම සඳහා අවශ්‍ය සාක්ෂි ලබාදීමටයි.

ඒ අනුව ඔහුගෙන් පෙරේදා දිනයේ දී ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 04ක් තිස්සේ ප්‍රකාශ ලබා ගත්තා.

මේ සම්බන්ධයෙන් වෙනත් දිනයක නැවත පිල්ලෙයාන් කැඳවා ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි හිටපු අමාත්‍යවරයාව අද දිනයේදිත් කැඳවා ඇත්තේ.

මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජේමුණි සොයිසා මහතාගේ නමින් සක්‍රීයව ඇති ව්‍යාජ මුහුණුපොතේ ගිණුමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදු කිරීමටයි එම මන්ත්‍රීවරයා අද කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි බවට තොරතුරු වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32