AFC Banner
Empty Ad
Empty Ad

පිටකොටුවේ ඝාතකයා පොලිස් දැලේ

පසුගිය 05 වනදා අලුයම් කාලයේ පිටකොටුව, රෙක්ලමේෂන් මාර්ගයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු ඊයේ (18) රාගම, වල්පොල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු වයස අවුරුදු 34ක හැඳල, වත්තල ප්‍රදේශයේ පදිංචි අයෙක් බවයි වාර්තා වන්නේ.

සැකකරු විසින් අපරාධය සිදුකර පළා යන ආකාරය දැක්වෙන ආරක්‍ෂිත කැමරා දර්ශන පෙළක් ද පසුගිය දා පොලිසිය විසින් මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

එම දර්ශන මුදාහරිමින් පොලිසිය, සැකකරු සොයාගැනීමට මහජන සහාය ඉල්ලා සිටියා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා වයස අවුරුදු 33ක අයෙක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?