AFC Banner
AFC Banner
Empty Ad

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවකු රිමාන්ඩ්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැනගෙන එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින එම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉස්මයිල් නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනුයි නියෝගය.

විත්තිකරු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලීම් කර තිබුණා.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස දෙමටගොඩ ,මහවිල උද්‍යානයේ පදිංචිව සිටින අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයකු ද නම් කර සිටිනවා.

ඔවුන් දෙදෙනා මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.

නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නියෝග කළේ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?