පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට තොරතුරු දැනගෙන එය පොලිසියට වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින එම ප්‍රහාරයට සම්බන්ධ වූ ඉන්සාෆ් අහමඩ් හා ඉල්හාම් අහමඩ් නැමති මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ සොහොයුරා වන මොහොමඩ් ඊබ්‍රහිම් ඉස්මයිල් නැමැත්තා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා විසිනුයි නියෝගය.
විත්තිකරු වසර තුනකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හෙයින් ඔහු ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතිඥවරු ඉල්ලීම් කර තිබුණා.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස දෙමටගොඩ ,මහවිල උද්‍යානයේ පදිංචිව සිටින අදාළ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රහිම් සහ ඔහුගේ පුත්‍රයකු ද නම් කර සිටිනවා.
ඔවුන් දෙදෙනා මේ වන විට අධිකරණය මගින් ඇප මත මුදා හැර තිබෙනවා.
නීතිඥවරුන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා නියෝග කළේ සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.














ISSELLA DANNA ONA MEDIA WALATA AWITH OKA PARAM BEWA HARIN FERNANDO WA. EYI EKKAMA MEKA KALIN DANUM DEELATH KISIMA DEYAK NOKALA, POLICIYE SAHA BUDHDHI ANSHA AYATA. MEKA DENA DENA BORU HEHU DAGENA SINGAPORE GIYA CASE EKA GIYA DAWASE PAMANAK ASADHAYAYI KIYALA MOUNT ELIZABETH HOSPITAL EKATA ADMIT WELA KISIMA CALL EKAKATA REPLY NOKALA GON BURU SIRA TA. ASADHYAYI KIYANA EKA PAHUWENIDHA ANDHEN BEHELA ENA CALL OKKOTAMA ANSWER KARANAWA. OHOMA EKA DAWASE UNA API ISKOLE YANA KALETH DAN OFFICE WALA NIWADU GANNATH USE KARANWA. EKA NISA PI DANNAWA KALA BORUWA. RANIL LOKKA OKA DENAGENA SECURITY MEETHING CALL KALATH YANNA EPA KIYALA WARN KALA SIRA SAHA RANIL ETHANIN EHATA KISIMA DEYAK NOKALA NISA EYAWATH.