පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව ගොනුකර තිබූ මේ වන විට තීන්දු ලබා දී ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව ගොනුකර තිබෙන මෝසම් පත්‍ර සලකා බැලීම සඳහා නොවැම්බර් මස 02 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද දින නියම කළා.
මෙම මෝසම් අද බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ සය පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි කැඳවනු ලැබුවේ.
එහිදී විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ මෝසම් පත් සලකා බැලීම සඳහා නොවැම්බර් මස දෙවනදා කැඳවන බවයි.
අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු පිරිසක් විසින් මෙම මෝසම් පත්‍ර ඉදිරිපත් කර පත්කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1















