AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ළමයින් රැගෙන ගිය ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුලු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ලමයින් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රී රෝද රථයක් අද (30) දහවල් මෙම අනතුරට ලක්වී බස් රථයක පිටුපස ගැටී ප්‍රපාතයකට පෙරළීමෙන්.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් සිසුන් 5 දෙනෙකු සහ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලය අසලදී අනතුර සිදුව ඇති අතර අධික වේගයෙන් ත්‍රී රෝද රථය ධාවනය කිරිම නිසා එය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

පූනාගල සිට මෙම ත්‍රී රෝද රථයේ ලමයින් පිරිසක් රැගෙන කොස්ලන්දට පැමිණ ඉන් කොටසක් කොස්ලන්ද නගරයේ බස්සවා ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයක පිටුපස ගැටී පෙරළි ගොස් තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙලෙස අතුරු මාර්ගයේ දී ළමයින් විශාල ලමයින් පිරිසක් පටවාගෙන පැමිණ ප්‍රධාන මාර්ගයේ දී අවස්ථා දෙකකදී ඔවුන් ප්‍රවාහනය කරනු ලබන්නේ පොලිසියට හසුවීම හේතුවෙන් බවටයි.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?