පාසල් ළමයින් රැගෙන ගිය ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළෙයි

පාසල් ළමයින් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රී රෝද රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් සිසුන් ඇතුලු 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පූනාගල සිට කොස්ලන්ද දක්වා පාසල් ලමයින් ප්‍රවාහනය කරමින් තිබු ත්‍රී රෝද රථයක් අද (30) දහවල් මෙම අනතුරට ලක්වී බස් රථයක පිටුපස ගැටී ප්‍රපාතයකට පෙරළීමෙන්.

අනතුරින් ත්‍රී රෝද රථයේ ගමන් ගත් සිසුන් 5 දෙනෙකු සහ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලය අසලදී අනතුර සිදුව ඇති අතර අධික වේගයෙන් ත්‍රී රෝද රථය ධාවනය කිරිම නිසා එය පාලනය කර ගැනිමට නොහැකි වීමෙන් අනතුර සිදුවී ඇති බවටයි මූලික විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

පූනාගල සිට මෙම ත්‍රී රෝද රථයේ ලමයින් පිරිසක් රැගෙන කොස්ලන්දට පැමිණ ඉන් කොටසක් කොස්ලන්ද නගරයේ බස්සවා ගමන් කරමින් සිටියදී ඉදිරියෙන් ගමන් ගත් බස් රථයක පිටුපස ගැටී පෙරළි ගොස් තිබෙනවා.

පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙලෙස අතුරු මාර්ගයේ දී ළමයින් විශාල ලමයින් පිරිසක් පටවාගෙන පැමිණ ප්‍රධාන මාර්ගයේ දී අවස්ථා දෙකකදී ඔවුන් ප්‍රවාහනය කරනු ලබන්නේ පොලිසියට හසුවීම හේතුවෙන් බවටයි.

අනතුර සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
3
+1
4
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රණවිරුවන් ගැන අරුණ පාර්ලිමේන්තුවේදි කට අරියි - රණවිරු ප්‍රජාව වෙනුවෙන් අපි හැමදාම ඉන්නවා
06:11
Video thumbnail
ගම්මන්පිල තලපති විජේට අභියෝග කරයි - ලංකාව බයිට් එකට ගන්න එපා
02:15
Video thumbnail
මහින්ද නැති රණවිරු සැමරුම් මනමාලි නැති මඟුලක් වගේ
09:54
Video thumbnail
ටිල්වින්ගේ අභද්‍ර වචනය ගැන ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්..ලොකු හොරුන්ට නීතිය වෙනස් විදියක්ද ?
08:55
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
00:00
Video thumbnail
බේරුවල උණුසුම් තත්ත්වයක් - වෙළඳුන් පාරට බහී
04:54
Video thumbnail
රණවිරු සැමරුමට සියල්ල සූදානම් - හතරවටේටම දැඩි ආරක්ෂාවක්
01:22
Video thumbnail
හිරුණිකා ආශුගෙන් සමාව ගනී - ඒ බලු වීඩියෝව ව්‍යාජ එකක්
07:43
Video thumbnail
අපි යුද්ධ කළේ ජනවර්ගයකට එරෙහිව නෙමෙයි - මේ රජය පොට වරද්දගත්තා
03:42