AFC Banner
Empty Ad
Empty Ad

පාසල් ගුරුවරයෙක් කේරළ ගංජා සමඟ මාට්ටු

මන්නාරම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරයෙකු කේරළ ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් අද (26) අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් පොලිසිය පවසයි.

අදාළ විද්‍යාලයට ඇතුළු වන දොරටුව ඉදිරියේදී අදාළ ගුරුවරයා කේරළ ගංජා සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ බෑගය තුළ තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක් පමණ අසුරන ලද කුඩා පාර්සල් තුනක් තිබී ඇත.

මන්නාරම 54 සේනාංකයේ යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම පොලිසියේ ද සහය ඇතිව අදාළ ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසියට භාර දී තිබේ.

ගුරුවරයා පාසල් ළමුන්ට කේරළ ගංජා අලෙවි කිරීමට උත්සහ ගෙන ඇත්දැයි යන්න පිළිබඳව සැක සහිත බැවින් ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට මන්නාරම් පොලිසිය පියවර ගෙන ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?