පාසල් ගුරුවරයෙක් කේරළ ගංජා සමඟ මාට්ටු

මන්නාරම ප්‍රදේශයේ විද්‍යාලයක ගුරුවරයෙකු කේරළ ගංජා ළඟ තබා ගැනීම හේතුවෙන් අද (26) අත්අඩංගුවට ගෙන ඇති බව මන්නාරම් පොලිසිය පවසයි.

අදාළ විද්‍යාලයට ඇතුළු වන දොරටුව ඉදිරියේදී අදාළ ගුරුවරයා කේරළ ගංජා සමගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුගේ බෑගය තුළ තිබී කේරළ ගංජා ග්‍රෑම් 500ක් පමණ අසුරන ලද කුඩා පාර්සල් තුනක් තිබී ඇත.

මන්නාරම 54 සේනාංකයේ යුද්ධ හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව මන්නාරම පොලිසියේ ද සහය ඇතිව අදාළ ගුරුවරයා අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිසියට භාර දී තිබේ.

ගුරුවරයා පාසල් ළමුන්ට කේරළ ගංජා අලෙවි කිරීමට උත්සහ ගෙන ඇත්දැයි යන්න පිළිබඳව සැක සහිත බැවින් ඒ පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට මන්නාරම් පොලිසිය පියවර ගෙන ඇත.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33