පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්ත්ව කීපයක් සම්බන්ධයෙන් කොළඹ ලංකා පෞද්ගලික රෝහලක නේවාසික ප්‍රතිකාර ගැනීම සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍යරයාට නියම කරනු ලැබුවා.
එලෙස නියම කළේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ වකුගඩු රෝගය ඇතුළු රෝගී තත්වයන් සම්බන්ධයෙන් පාඨලි චම්පක රණවක මන්ත්‍රීවරයා ලංකා පෞද්ගලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ගන්නා බව ඔහු වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා දැනුම් දුන් අවස්ථාවේයි.
මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් විනිසුරුවරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.














Hold doctors also responsible for helping culprits by providing fake sick notes.