බරපතල වැඩ සහිතව යම් අයෙක් සිර දඬුවමට නියම වූ විට කටයුතු කළ යුතු ආකාරය බන්ධනාගාර අඥා පනතේ සඳහන් කර ඇති බවත්, ඥාණසාර හිමිගේ දඬුවම් ලබා දීමේදී විශේෂයක් සිදු නොකර අඥා පනතේ ආකාරයටම කටයුතු කරන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස් පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (06) කැබිනට් තිරනාට දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වූ අවස්ථාවේ දී මාධ්‍යවේදීන්ට පිළිතුරු ලබා දෙමින්.
මේ වන විටත් දඬුවම් නියම වී බන්ධනාගාර ගතව සිටින භික්ෂූන් වහන්සේලා 63 දෙනෙක්ට කටයුතු කළ ආකාරයටම, ඥාණසාර හිමි සම්බන්ධයෙන් ද කටයුතු කර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.










