ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වැඩ බැලීමට අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ එච්.සී.පී. ජයවීර 2026-09-14 දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වීම මතරාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගනු ලැබ තිබෙනවා.

ඒ හේතුවෙන්, මේ වන විට පුරප්පාඩුව පවතින ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යෂ ජනරාල් තනතුරට එම දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරනු ලබන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන, එම්. එම්.ඩී.ජේ සේනාරත්න වහාම ක්‍රියාත්මක වන පරිදි පූර්ණ කාලීනව වැඩ බැලීම සඳහා පත් කිරීම පිණිස පරිසර අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.