හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට සම්බන්ධ බව කියන මාතර බ්‍රවුන්ස් හිල් ප්‍රදේශයේ ඉඩම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් මාතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබාගෙන තිබෙනවා.
ඒ අනුව, අදාළ ඉඩම සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්වයකට හිමිකමක් ඇත්නම්, ඒ පිළිබඳ හිමිකම් ඉදිරිපත් කිරීමට දින 14ක කාලයක් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.
මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ප්‍රකාශයට පත්කර තිබෙනවා.
අක්කර 01යි රුට් 02ක් සහිත මිලියන 500ක් වටිනාකමකින් යුක්ත බවයි වාර්තා වන්නේ.










