දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදා හැර සිටින හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරුන් කළ ඉල්ලීමට අදාලව විරෝධතා තිබේනම් ලබන 23 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාආරච්චි අද (16) අල්ලස් කොමිසමට නියෝග කළා.
සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.
සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කර සිටියේ තම සේවා දායකයාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.
සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.
සිද්ධියට අදාල සැකකරු අද අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.













