ප්‍රසන්නගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමේ ඉල්ලීමට විරෝධතා දැක්වීමට දින නියම වෙයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් මේ වන විට ඇප මත මුදා හැර සිටින හිටපු සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංගගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස ඉල්ලා ඔහු වෙනුවෙන් පෙනි සිටින නීතිඥවරුන් කළ ඉල්ලීමට අදාලව විරෝධතා තිබේනම් ලබන 23 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාආරච්චි අද (16) අල්ලස් කොමිසමට නියෝග කළා.

සිද්ධියට අදාලව අල්ලස් කොමිසම විසින් කරන ලද කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.

සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා සඳහන් කර සිටියේ තම සේවා දායකයාගේ විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙසයි.

සංචාරක අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුලු ආයතන හතරක සේවකයන් සඳහා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවෙන් වෛද්‍ය රක්ෂණාවරණ ලබාගැනීමේදී තැරැව්කාර සමාගමකට අයුතු වාසියක් අත්කර දී ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රු.4.750,828.72 ක පාඩුවක් සිදු කළ බව කියන සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර තිබුණා.

සිද්ධියට අදාල සැකකරු අද අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

  1. ඉක්මනින් කනත්තට දක්කන්න පුළුවන්නම් මුව ඒ කරදරයත් ඉවරයි.. සංජීව හැරෙන්න මේ පවුලේ සේරම පට්ට හොරු… රාජපක්ෂ පවුලේ දෙක



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31