AFC Banner
AFC Banner
Empty Ad

පළාත් පාලන ඡන්ද විමසීමේ විධිවිධාන ගැන අධිකරණයෙන් නියෝගයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා මේ මස 24 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ, විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම විභාගය සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් කියා සිටින්නේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ අරමුණින් රජය විසින් පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත කර තිබෙන ඇතැම් විධිවිධාන තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවත් එම නිසා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අවධාරණය කරනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සමකරු පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?