පළාත් පාලන ඡන්ද විමසීමේ විධිවිධාන ගැන අධිකරණයෙන් නියෝගයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම විභාගය සඳහා මේ මස 24 වැනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළා.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.

පෙත්සම යසන්ත කෝදාගොඩ, ජනක් ද සිල්වා, අර්ජුන ඔබේසේකර යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූවා.

පෙත්සම කැඳ වූ අවස්ථාවේ, විනිසුරු මඩුල්ල නියෝග කළේ, පෙත්සම විභාගය සඳහා ලබන 24 වැනිදා කැඳවන ලෙසයි.

පෙත්සම්කරු සිය පෙත්සම මඟින් කියා සිටින්නේ ඉකුත් පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කැඳවන ලද නාමයෝජනා අවලංගු කිරීමේ අරමුණින් රජය විසින් පළාත් පාලන ඡන්ද විමසිම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇති බවයි.

යෝජිත පනත් කෙටුම්පතේ අන්තර්ගත කර තිබෙන ඇතැම් විධිවිධාන තුළින් ජනතාවගේ ඡන්ද අයිතියට බලපෑම් එල්ල වන බවත් එම නිසා ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත් පෙත්සම්කරු සිය පෙත්සම මගින් අවධාරණය කරනවා.

එබැවින් මෙම පනත් කෙටුම්පතේ ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත වී ජනමත විචාරණයකින් ද අනුමත විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සමකරු පෙත්සම මගින් ඉල්ලා ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44