AFC Banner
Empty Ad
Empty Ad

පළමු විස්සයි විස්ස තරගය නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර අද (07) පැවැත්වෙන පළමු විස්සයි විස්ස තරගය ක්‍රීඩාංගනයේ දී නැරඹීමට ප්‍රවේශපත් මිලදී ගත් ප්‍රේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ අනුව අද තරගය පැවැත්වෙන කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ ගේට්ටු පස්වරු 4.00 සිට විවෘතව තබන බවයි දැනුම් දෙන්නේ.

තදබදය වළක්වා ගැනීම සඳහා වේලාසනින් ක්‍රීඩාංගණයට පැමිණෙන ලෙස ප්‍රවේශපත්‍ර මිලදී ගෙන ඇති ප්‍රේක්ෂකයින්ට ඒ අනුව දැනුම් දෙනවා.

තරගය අද (07) පස්වරු 7.00ට ආරම්භ වීමට නියමිතයි.

මේ අතර පළමු සහ දෙවන විස්සයි විස්ස තරග දෙකේ ප්‍රවේශපත්‍ර සියල්ල අලෙවි වී අවසන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පසුගිය දා දැනුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
13
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?