AFC Banner
AFC Banner
Empty Ad

පහේ ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අද (15) මූලික අයිතිවාසිකම් පෙත්සමනක් ගොනුකර තිබෙනවා.

මෙවර ශිෂ්‍යත්ව විභාගයයට පෙනී සිටි සිසු සිසුවියන් 27 දෙනෙක් ඔවුන්ගේ මව්පියන් හා භාරකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනුකළ බවයි අප අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

නීතිඥ මංජුල බාලසූරිය මඟින් ගොනුකර තිබූ එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, එම දෙපාර්තමෙන්තුවේ උසස් නිලධාරින් සිව්දෙනෙකු, අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති පී අම්පාවෙල සහ එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, වැඩබල පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, අමාත්‍ය විජිත හේරත්, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකරුවන් දෙදෙනා, නීතිපතිවරයා ඇතුළු පුද්ගලයින් 15 දෙනෙක් නම්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
14
+1
2
+1
16
+1
4
+1
3
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?