පරිස්සම් වෙන්න වැඳලා කියන්නේ… ආදාහනාගාර සේවකයින්ගේ අත්දැකීම්

දිවයින පුරා පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මේ වන විට ජීවිත විශාල ප්‍රමාණයක් සිය සමීපතමයින්ට අහිමිව ගොස් තිබේ.

ඒ අතර රෝහල්වල ද දෛනිකව මෘත දේහ ගොඩ ගැසෙමින් පවතින අතර, එය සියලුදෙනා කම්පනයට පත්කිරීමට හේතුවී ඇත.

රෝහල්වල මෘත දේහ ගොඩගැසී ඇති අයුරු දැක්වෙන දර්ශන පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

එවන් පසුබිමක ආදාහනාගාර සේවකයින් ද මුහුණදෙමින් ඇත්තේ ඉතා අසීරු කාලසීමාවකටය.

කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල ආදාහනාගාර සේවකයින් තමන් මුහුණ දෙන අත්දැකීම් “අද දෙරණ” ට කියා සිටියේ මෙලෙසිනි.

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක්,

“අපි මේ කරන්නේ ලොකු කාර්තව්‍යයක්. මිනිස්සු එනවා ආදාහනය කරද්දි. මිනිස්සු දන්නේ නෑ ඇත්තටම මෙතෙන මොකද්ද වෙන්නේ කියලා. අපි මෙහෙම ඉන්නකොට මිනිය ගේනකොට මිනිස්සු එනවා අඬාගෙන, එක එක කතා කියාගෙන මහත්තයෝ. මිනිය පෙන්නන්න කියනවා. මිනිස්සු දන්නේ නෑ මහත්තයෝ කොරෝනා රෝගය මොකද්ද කියලා. බලන්න මහත්තයෝ අපි ඉස්සර හිටිය විදියයි දැන් ඉන්න විදියයි. අපි කොච්චර බයෙන් ද ඉන්නේ. මේ මිනිස්සු මිනිය පුච්චද්දි ඇවිල්ලා අහනවා අනේ පොඩ්ඩක් පෙන්නන්න බැරි ද කියලා. අපි කොහොමද මහත්තයෝ උත්තර දෙන්නේ. අපිත් ගැහි ගැහි ඉන්න වෙලාවේ. අපි ඕක පෙන්නන්න ද මහත්තයෝ කොරෝනා අස්සේ. අපි ඈත්වෙලා ඉන්න කිව්වහම ළඟටම එනවා. මේකේ බැරෑරුම්කම මිනිස්සුන්ට තේරෙන්නේ නෑ,මෙතෙනට ඇවිල්ලා ගැවසෙන්න එන්න එපා. මොකද අපිත් බයෙන් ඉන්නේ.”

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක්,

“මිනිස්සු හැසිරෙන්නේ සත්තු විදියට. මිනිය පෙන්නන්න කියලා කෑ ගහනවා. අළු ඉල්ලනවා. ඒවා කරන්න බෑනේ. අපිත් ආරක්ෂා වෙලා කරන්න ඕනේ. අපිටත් දෙමව්පියෝ දරුවෝ ඉන්නවා. කොරෝනා මිනීත් එක්ක මිනිස්සු 20 – 25 එක පාර එනවා. අපි කොරෝනා මිනී දාලා දාලා ඔලුවේ කැක්කුමයි. එච්චර මිනී එනවා. කිව්වහම අපිට ගහන්න එනවා. මන්ත්‍රීවරුන්ටත් බනිනවා. බැනල කියනවා අළු ඕනේ කියලා. නුගත් උන් කියලා අපිට බනිනවා. අපි හදන්නේ රටත් බේරගෙන අපිත් බේරිලා ඉන්න. අපි පරිස්සමින් හැමදේම කරලා මිනිස්සුන්ට සහය දුන්නාට අපිට සහය දෙන්නේ නෑ. ඒත් මිනිස්සු එක්ක හරි අමාරුයි මේක කරන්න. පළවෙනි රැල්ලේ දී අපිට ගානක් නෑ. මිනී දෙකයි තුනයි අපි පිච්චුවේ. දැන් දවසකට 7ක් විතර පුච්චනවා. ජනතාව තමයි ලෙඩ වැඩි කරන්නේ. අපි දන්නවා තත්ත්වේ. ඉගෙන ගත්ත අය හැසිරෙන්නේ මෝඩයෝ විදියට. මේ අතින් මිනී 250ට වැඩිය අල්ලලා තියෙනවා. වැදලා කියන්නම් අපිටත් සහය දෙන්න.”

ගම්පහ දිස්ත්‍රික්කයේ ආදාහනාගාර ක්‍රියාකරුවෙක්,

“ඉස්සෙල්ලා පිච්චුවේ නෝමල් එවා. එතකොට මිනිස්සු එනවා. දැන් එහෙම නෙමෙයි. මිනිස්සුනට එන්න බෑ. කාටවත් බලන්න බෑ. අම්මගේ, තාත්තාගේ, පුතාගේ කාගෙවත් මිනිය බලන්න බෑ. අළු ඉල්ලනවා. මෙතෙන ඇවිල්ලා අඩනවා. භයානකයි. අපි කියන්නේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න කියලා. මිනිස්සු පරිස්සම්වෙන්නේ නෑ කිසිදෙයකින්. එන්න එපා කිව්වහම ඇවිල්ලා අපිට බනිනවා. අපි බැනුම් අහනවා. අත්දෙකෙන් වැඳලා කියන්නම් පරිස්සම් වෙන්න. අපිටත් අම්මලා තාත්තලා ඉන්නවා. අපි දන්නවා මැරෙන මිනිස්සු කියලා. ඒත් අපිත් බයයි. එච්චරයි ඉල්ලන්නේ.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04