Update – පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීම ගැන සොයන්න විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක්

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බව පොලිසිය පවසනවා.

මෙම සිද්ධිය පිළිබඳව රජයේ රස පරීක්ෂකවරයා සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද විමර්ශන කටයුතු අරඹා ඇති බවයි වාර්තා වන්නේ.

රෝහලේ මුළුතැන්ග පරිශ්‍රයේ අද (26) අලුයම 4.30ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් හත්දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.

එලෙස රෝහල් ගත කළ හත්දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර් සඳහන් කළේ.

පිපිරීමට හේතුව ගෑස් කාන්දුවීමක් ද නැතහොත් යම් පුද්ගලයෙකු අතින් සිදුවූ අත්වැරදීමක් ද යන්න පිළිබඳව සෙවීමට විමර්ශන සිදුකරන බව සඳහන් කළ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, සිද්ධිය පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවයි වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර සිද්ධිය වාර්තා වූ පසු නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් ද රෝහලට පැමිණි අතර, එහිදී ඔහු පවසා සිටියේ සිදුවූ හානිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25
Video thumbnail
ලසන්තගේ මරණය ගැන රංග හෙළිකරපු දේ - ඇම්මක් තියෙන අයව සමහරුන්ට දිරවන්නේ නෑ
10:55
Video thumbnail
වකුගඩු රෝහලේ සිදුවූ පිපිරීමෙන් තුවාල ලැබූවන්ගෙන් තිදෙනෙක් දැඩිසත්කාරයේ - මෙන්න එහි නවතම දර්ශන
01:04