AFC Banner
Empty Ad
Empty Ad

පකිස්තාන ශ්‍රමිකයන්ට ගල්ෆ් රටවල දොර වැසෙයි ද?

විදේශගත පකිස්ථානුවන් පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ මෑත රැස්වීමකදී හෙළි වූයේ ගල්ෆ් කලාපයේ සේවා යෝජකයින් ඉහළ අපරාධ අනුපාත, නුසුදුසු හැසිරීම් සහ කුසලතා නොමැතිකම වැනි අවම ප්‍රමිතීන් හේතුවෙන් පාකිස්තාන සේවකයින් වෙනුවට විකල්ප ශ්‍රම වෙළෙඳපොළ වෙත යොමු වී ඇති බවයි.

පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි දිනපතා පුවත්පතක් වන ද ඩෝන් හි වාර්තාවකට අනුව, පාකිස්ථානය වෙනුවට බංග්ලාදේශය වැනි වෙනත් කලාපීය රටවලින් ශ්‍රම බලකාය බඳවා ගැනීමට ගල්ෆ් සේවා යෝජකයන් විසින් කැමැත්ත පළ කර ඇතැයි සඳහන්.

වාර්තාවලට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) බලධාරීන් මෑතකදී තම රට තුළ සිටින සමහර පකිස්තාන විදේශිකයන්ගේ නුසුදුසු හැසිරීම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, එයට ඔවුන්ගේ අවසරයකින් තොරව ඩුබායි හි කාන්තාවන් රූ ගත කිරීම් වැනි සිද්ධීන් ද ඇතුළත්.

සෙනෙට් සභික සීෂාන් ඛාන්සාඩාගේ ප්‍රධානත්වයෙන් පැවති සෙනෙට් ස්ථාවර කමිටු රැස්වීමේ දී, පාකිස්තාන රජය මෙම අංශයේ පවතින විභවයන් නොසලකා හරිමින් සිටින බව අවධාරණය කළා.

විදෙස්ගත පකිස්ථානුවන් සහ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අර්ෂාඩ් මහමුද් ගල්ෆ් රටවල පාකිස්තාන ශ්‍රම බලකායේ තත්ත්වය පිළිබඳ අඳුරු චිත්‍රයක් කමිටුවට ඉදිරිපත් කළ බව ඩෝන් වාර්තා කරනවා.

ලේකම්වරයා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම බලකායේ අපරාධ අනුපාතයෙන් සියයට 50 ක් පකිස්ථානුවන් වෙතින් වාර්තා වන බවයි.

නවීකරණය සහ තාක්‍ෂණයේ දියුණුව තිබියදීත් පකිස්ථාන ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් නුපුහුණුව සිටින බැවින් පකිස්ථාන ශ්‍රම බලකාය සඳහා විදේශ රැකියා අඩුවීමේ ප්‍රවණතාවක් පවතින බව ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

පකිස්ථානු ශ්‍රම බලකායේ සම්පත් හිඟකම සහ නිපුණතා සංවර්ධනය හේතුවෙන් වෙනත් රටවලින් පකිස්ථානු ශ්‍රමිකයින් ආදේශ කිරීමට හේතු වී ඇති බව ද සෙනෙට් කමිටුවට දන්වා ඇතැයි ඩෝන් වාර්තාවේ දැක්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව, සෞදි අරාබිය, කටාර් සහ කුවේට් ඇතුළු අනෙකුත් ගල්ෆ් රටවල් විදේශීය පකිස්ථානුවන් සම්බන්ධ විවිධ ගැටළු පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම්වරයා සෙනෙට් කමිටුවට දන්වා ඇති බව Geo TV වාර්තා කළා.

පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව, ලේකම්වරයා සෙනෙට් කමිටුවට පැවසුවේ සෑම වසරකම පාකිස්තානුවන් මිලියන 0.6 සිට මිලියන 0.8 දක්වා රට හැර යන බවත්, ආපසු පැමිණෙන්නේ 2,00,000 සිට 3,00,000 දක්වා පමණක් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ටීචලා ග්‍රවුන්ඩ් එක හොල්ලයි - කොහොම ඩාන්ස් එක #dancevideo #short #viralvideo
00:19
Video thumbnail
මැතිවරණ කොමිසමට කනේ ඇඟිලි ගහගන්න දෙහි කපයි - කන්නේ බත් නේද? මේ වැඩේ මොකක්ද මේ...
01:24
Video thumbnail
කෝටි දෙකකට ආසන්න මත්ද්‍රව්‍ය සමග කොටුවුණ පුද්ගලයා
00:39
Video thumbnail
එක්සත් ජාතික පක්ෂය හෙට ගන්න යන තීරණාත්මක තීරණය #unp #ranilwickremesinghe
03:11
Video thumbnail
හොරෙන් හොරෙන් රනිල් - මුණගැහෙන්න යන ගැන්සිය - මාධ්‍ය මග හැර යයි #ranilwickremesinghe
00:54
Video thumbnail
ඔබේ ඡන්දය අපතේ යවාගන්න එපා - පාඨලී කළ කාරුණික ඉල්ලීම #npp #akd
08:06
Video thumbnail
නොසැලකිළිමත් රිය ධාවනයෙන් - සිදුවුණ බිහිසුණු රිය අනතුර
01:31
Video thumbnail
🛑Breaking News - ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය Leak කරලා තියෙන්නේ මාලිමාවට සම්බන්ධ ගුරුවරයෙක් ?
04:13
Video thumbnail
විභාගය ලියන්න ආසාවෙන් ඉන්න හපන්නු - "ආය තිබ්බොත්නම් හෙඳයි"
02:27
Video thumbnail
අග්‍රාමාත්‍ය හරිණිට දැඩි දෝෂාරෝපණයක් - "පොඩි ළමයි මානසිකව වැටිලා ඉන්නේ"
02:16

?