පකිස්තාන ශ්‍රමිකයන්ට ගල්ෆ් රටවල දොර වැසෙයි ද?

විදේශගත පකිස්ථානුවන් පිළිබඳ සෙනෙට් ස්ථාවර කමිටුවේ මෑත රැස්වීමකදී හෙළි වූයේ ගල්ෆ් කලාපයේ සේවා යෝජකයින් ඉහළ අපරාධ අනුපාත, නුසුදුසු හැසිරීම් සහ කුසලතා නොමැතිකම වැනි අවම ප්‍රමිතීන් හේතුවෙන් පාකිස්තාන සේවකයින් වෙනුවට විකල්ප ශ්‍රම වෙළෙඳපොළ වෙත යොමු වී ඇති බවයි.

පාකිස්තානයේ ප්‍රමුඛ පෙළේ ඉංග්‍රීසි දිනපතා පුවත්පතක් වන ද ඩෝන් හි වාර්තාවකට අනුව, පාකිස්ථානය වෙනුවට බංග්ලාදේශය වැනි වෙනත් කලාපීය රටවලින් ශ්‍රම බලකාය බඳවා ගැනීමට ගල්ෆ් සේවා යෝජකයන් විසින් කැමැත්ත පළ කර ඇතැයි සඳහන්.

වාර්තාවලට අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) බලධාරීන් මෑතකදී තම රට තුළ සිටින සමහර පකිස්තාන විදේශිකයන්ගේ නුසුදුසු හැසිරීම් පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර, එයට ඔවුන්ගේ අවසරයකින් තොරව ඩුබායි හි කාන්තාවන් රූ ගත කිරීම් වැනි සිද්ධීන් ද ඇතුළත්.

සෙනෙට් සභික සීෂාන් ඛාන්සාඩාගේ ප්‍රධානත්වයෙන් පැවති සෙනෙට් ස්ථාවර කමිටු රැස්වීමේ දී, පාකිස්තාන රජය මෙම අංශයේ පවතින විභවයන් නොසලකා හරිමින් සිටින බව අවධාරණය කළා.

විදෙස්ගත පකිස්ථානුවන් සහ මානව සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් අර්ෂාඩ් මහමුද් ගල්ෆ් රටවල පාකිස්තාන ශ්‍රම බලකායේ තත්ත්වය පිළිබඳ අඳුරු චිත්‍රයක් කමිටුවට ඉදිරිපත් කළ බව ඩෝන් වාර්තා කරනවා.

ලේකම්වරයා පැවසුවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රම බලකායේ අපරාධ අනුපාතයෙන් සියයට 50 ක් පකිස්ථානුවන් වෙතින් වාර්තා වන බවයි.

නවීකරණය සහ තාක්‍ෂණයේ දියුණුව තිබියදීත් පකිස්ථාන ශ්‍රම බලකායෙන් සැලකිය යුතු කොටසක් නුපුහුණුව සිටින බැවින් පකිස්ථාන ශ්‍රම බලකාය සඳහා විදේශ රැකියා අඩුවීමේ ප්‍රවණතාවක් පවතින බව ලේකම්වරයා පෙන්වා දී තිබෙනවා.

පකිස්ථානු ශ්‍රම බලකායේ සම්පත් හිඟකම සහ නිපුණතා සංවර්ධනය හේතුවෙන් වෙනත් රටවලින් පකිස්ථානු ශ්‍රමිකයින් ආදේශ කිරීමට හේතු වී ඇති බව ද සෙනෙට් කමිටුවට දන්වා ඇතැයි ඩෝන් වාර්තාවේ දැක්වෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අමතරව, සෞදි අරාබිය, කටාර් සහ කුවේට් ඇතුළු අනෙකුත් ගල්ෆ් රටවල් විදේශීය පකිස්ථානුවන් සම්බන්ධ විවිධ ගැටළු පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව අමාත්‍යාංශයේ ලේකම්වරයා සෙනෙට් කමිටුවට දන්වා ඇති බව Geo TV වාර්තා කළා.

පාකිස්තාන මාධ්‍ය වාර්තාවලට අනුව, ලේකම්වරයා සෙනෙට් කමිටුවට පැවසුවේ සෑම වසරකම පාකිස්තානුවන් මිලියන 0.6 සිට මිලියන 0.8 දක්වා රට හැර යන බවත්, ආපසු පැමිණෙන්නේ 2,00,000 සිට 3,00,000 දක්වා පමණක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16