ජනතාවට උදවු කරන්න කියන ඉල්ලීම නම් කවුරු ප්ලීස් කිව්වත් නතර කරන්නේ නැහැ – විපක්ෂ නායකවරයා කියයි

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ ගංවතුර නිසා ජලයෙන් යටව විපත පත් යටියන්තොට, ගරාගොඩ ප්‍රදේශයේ ජනතාව හමුවීම සඳහා විපක්ෂ නායකවරයා අද (06) පැමිණ තිබුණා.

එහිදී විපක්ෂ නායක, සජිත් ප්‍රේමදාස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් දරුවන් ඇතුළු විවිධ පාර්ශව සඳහා ලබා දෙන බවට නිරන්තරයෙන් පැවසූ ආධාර ලබාදීමක් හෝ සහන සැලසීමක් තවමත් බිම් මට්ටමේ සිදුව නොමැති බවයි.

”අපේ රටේ ජනතාවට උපරිම උදවු කරන්න කියන ඉල්ලීම නම් කවුරු ‘ ප්ලීස් ‘ කිව්වත් අපි නතර කරන්නේ නැහැ. අපි හැමෝටම කතා කරනවා. කතා කරලා, හැමෝගෙන්ම උදවු අරගෙන රටට ආධාර උපකාර ලබා ගැනීම ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න අපෙ උපරිම ශක්තිය ලබා දෙනවා.” යැයි විපක්ෂ නායකවරයා එහිදී වැඩිදුරත් අදහස් දක්වමින් කියා සිටියා.

  1. තමුසෙට please එපා කිව්වේ IMF එකට කතා කරන්න මිසක් ජනතාවට උදව් කරන්න එපා කියලා නෙමෙයි. හැමදාම හැමතිස්සෙම කියන්නේ බොරුව. කතා කලොත් පීචන්.

  2. මෙයා කඳවුරු වලට ගිහින් ආපදාවුන්ගෙ හිත් සනනසන්නෙ නැහැ .මිනිසුන්ට වෛරය වපුරන එකයි කරන්නෙ.
    මෙයගෙ ගොල බලයො දන් ජනාධිපති තුමට නඩු දාන්නනෙ යන්නෙ.අපදාවන්වලක්වන්න තිබිලත් වලක්කුවෙ නැහැ කියලා .

  3. ගොන් ආතල් දෙන්න එපා ප්‍රේමදාස..අනුර කීවේ තමුන්ට IMF එකට කතා කරන්න එපා ප්ලීස් කියලා විතරයි.. ඒ ගොල්ලෝ ඒවා ලස්සනට කළමනාකරණය කරගන්න දන්නවා… මෙතනට ඇවිත් බොරු අර්ථ කථන දෙන්න තරම් පහත් අඩියට වැටෙන්න ලැජ්ජා නැද්ද? දැන් ඔයගොල්ලෝ සෙට් එකම අවලංගු පොට්ට කාසි… මීලග චන්දෙදි විපක්ෂ කවුරුත් ඉතිරිකරන්නේ නැහැ මේ රටේ ජනතාව

  4. මේ මිනිහා පිස්සෙක්. රජය ඉතා දැඩිව හා විනයකින් යුක්තව මේ අභියෝගයන් සදහා ඉතාම සුදුසු පියවර ගනිමින් ඉන්නවා. මේ මිනිසා පිස්සෙක්. මේ හාදයාට disorder එකක් තියෙනවා. කතා කලොත් මෝඩ මේ කොහෙටවත් අදාල නැති දෙයක් කියන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇයි අපි නාමල්ට ශක්තියක් වෙන්නේ ?එහෙම කියන්න පුළුවන්ද අපි කතා කරන ඒවා
02:33
Video thumbnail
වීරයෝ තැනීම ගැන රාජිත කියයි - සියලු බලවේග එකතු කිරීම ගැන කතා කළා
02:50
Video thumbnail
හිරගෙවල්වල දාලා නාමල්ගේ නැගිටීම නවත්තන්න බෑ - පොහොට්ටුවට හැමදාම මහින්ද ආශිර්වාද කළා
03:50
Video thumbnail
ආණ්ඩුවට විරුද්ධ රැස්වීම්වලට ජනතාව ගිහින් එකතු වෙන්න..නිදහස් සෞඛ්‍යයට තමයි අත තියන්න යන්නේ
05:49
Video thumbnail
මාධ්‍ය මග හැර ගිය චාමර - "මල්ලි මගෙන් වොයිස් කට් ගන්න එපා...මම අලුත් කෙනෙක්"
00:43
Video thumbnail
අතුරුගිරිය රත්කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:44
Video thumbnail
අතුරුගිරිය වෙ#ල්ලේ CCTV දර්ශන එළියට - පන්නගෙන ගිහින් තියන්නේ
00:48
Video thumbnail
අස්වැසුම කෝටි 2කට අධික මුදලක් වංචා කළ ගුරුවරු 6ක් සේවයෙන් පහ කරයි
00:31
Video thumbnail
මගී ජීවිත තුට්ටුවට දාලා මහ පාරේ රේස් යන ඩ්‍රයිවර්ලා
01:10
Video thumbnail
නිල සංචාරයකට දිවයිනට ආ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං
00:48