කෝටි 5,000ක පරිපූරකය අනුමත කරගන්න මැතිසබය 19 රැස්වෙයි

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් ලබන 19 පැවැත්වීමට නියමිතව තිබෙනවා.

කාලගුණ විපතෙන් විනාශයට පත් වූ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් කෝටි 5,000ක පරිපූරක ඇස්තමේන්තුවක් අනුමත කර ගැනීම සඳහා මෙම පාර්ලිමේන්තු රැස්වීම පැවැත් වෙනවා.

පරිපූරකයට සහාය දක්වන ලෙස ජනාධිපතිවරයා සියලුම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා.

මෙම පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ද පසුගියදා හිමිවුණා.