AFC Banner
Empty Ad
Empty Ad

නුවර එළියේ නවාතැන්පලක මියගිය අඹුසැමි යුවල

නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි අඹුසැමි යුවළක් නුවරඑළිය, කළුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොළක කාමරයක් තුළ අද (27) අලුයම මියගොස් සිටි බව නුවරඑළිය පොලීසිය පැවසීය.

කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ සිට පවුලේ සාමාජිකයින් සමග පැමිණි එම අඹුසැමි යුවළ ඊයේ (26) මධ්‍යම රාත්‍රිය වන තෙක් “බාබකියු” සාදයක්  පවත්වා තිබේ.

පසුව එම ප්‍රදේශයේ පැවති අධික සීතල හේතුවෙන් “බාබකියු” උඳුන අඹුසැමියන් විසින් ඔවුන්ගේ කාමරය තුළට රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 58ක හා 59ක් වු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.

අද උදෑසන ඔවුන් අවදි නොවීම හේතුවෙන් පවුලේ සෙසු පිරිස ගොස් කාමරය විවෘත කර බැලීමේ දී දෙදෙනාම ඇඳ මත මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑළිය පොලීසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?