නුවර එළියේ නවාතැන්පලක මියගිය අඹුසැමි යුවල

නුවරඑළියේ සංචාරයක් සඳහා පැමිණි අඹුසැමි යුවළක් නුවරඑළිය, කළුකැලේ ප්‍රදේශයේ නවාතැන්පොළක කාමරයක් තුළ අද (27) අලුයම මියගොස් සිටි බව නුවරඑළිය පොලීසිය පැවසීය.

කුරුණෑගල, ගොකරැල්ල ප්‍රදේශයේ සිට පවුලේ සාමාජිකයින් සමග පැමිණි එම අඹුසැමි යුවළ ඊයේ (26) මධ්‍යම රාත්‍රිය වන තෙක් “බාබකියු” සාදයක්  පවත්වා තිබේ.

පසුව එම ප්‍රදේශයේ පැවති අධික සීතල හේතුවෙන් “බාබකියු” උඳුන අඹුසැමියන් විසින් ඔවුන්ගේ කාමරය තුළට රැගෙන ගොස් ඇතැයි අනාවරණය වී ඇත.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 58ක හා 59ක් වු කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙකි.

අද උදෑසන ඔවුන් අවදි නොවීම හේතුවෙන් පවුලේ සෙසු පිරිස ගොස් කාමරය විවෘත කර බැලීමේ දී දෙදෙනාම ඇඳ මත මියගොස් සිට ඇති බව පොලීසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරීක්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බව නුවරඑළිය පොලීසිය පැවසිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16
Video thumbnail
ඩොලර් මිලියන 2.5 වංචාව කතා කරද්දි හර්ෂට යකා නගියි - තාම ඔපරේෂන් මැනුවල් එකක් නැද්ද ?
02:59