නියමිත මාර්ගයේ ධාවනය නොකළ බස් රථයකට අධිකරණයෙන් දඩ

මාර්ග අංක 187 ගුවන් තොටුපොළ – කොටුව සුඛෝපභෝගී බස් රථයකට මගී ප්‍රවාහන අවසර පත්‍රයේ සඳහන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීමේ චෝදනාව මත රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබෙනවා.

පසුගිය අගෝස්තු මස 15 වනදා සුඛෝපභෝගී බස් රථයක් මගීන් සමග අවසර පත්‍රයේ සඳහන් මාර්ගයෙන් බැහැරව පැමිණ 18 කණුව ක්‍රීඩාංගණය අසළ නතර කරගෙන සිටියදී කටුනායක පොලිසියේ නිලධාරීන් විසින් සිදු කළ සොයා බැලීමකින් අනතුරුවයි අධිකරණයේ නඩුවක් පවරා ඇත්තේ.

1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ 24 වගන්තියේ කොන්දේසි උල්ලංඝනය කරමින්, අවසර පත්‍රයේ සදහන් මාර්ගයෙන් බැහැරව 18 කණුව අතුරු මාර්ගයේ සිය බස් රථය ධාවනය කරමින් එම පනතේ 40 (ඊ) වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කිරීමේ චෝදනාව යටතේ එම නඩුව පවරා තිබුණා.

ඒ අනුව අදාළ බස් රථය පැදවූ රියැදුරාට මීගමුව මහේස්ත්‍රාත් දර්ශනී ප්‍රේමරත්න මහත්මිය නියෝග කර ඇත්තේ රුපියල් 75,000ක දඩ මුදලක් ගෙවන ලෙසටයි.

පසුගිය මස 26 වනදා සිට 28 වනදා දක්වා මෙම අතුරු මාර්ගයේ තම සුඛෝපභෝගී බස් රථ ධාවනය කිරීමට අවසර ඉල්ලා වැඩ වර්ජනයක් ද මෙම මෙම බස් රථ සේවකයන් විසින් ක්‍රියාත්මක කර තිබුණා.

එම වර්ජනය හේතුවෙන් කටුනායක ගුවන් තොටුපොළ, කටුනායක නිදහස් වෙළෙඳ කළාපය සහ ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ ගම්මානය වෙත පැමිණෙන මගීන් දැඩි අසීරුතාවයකට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?