නව වසර ආරම්භයේම ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරයක් අරඹයි

2023 වසරේ ශ්‍රී ලංකා පිලේ පළමු ජාත්‍යන්තර තරගාවලිය ඉන්දියාවට එරෙහිව

2023 වසර උදාවේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ තරගාවලියකට එක්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලියේදී එක්දින තරග 3ක් සහ T-20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි 03 වැනිදා මුම්බායිහිදී ආරම්භ වන T20 තරගයෙනුයි තරගාවලිය ආරම්භ වන්නේ.

එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ඉතිරි T20 තරග දෙක 05 වැනිදා පුනේහිදීත් 07 වැනිදා රාජ්කෝට් හිදීත් පැවැත්වෙනවා.

එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා ගුවාතිවලදීයි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

දෙවන තරගය 12 වැනිදා කොල්කටා හිදීත් තුන්වන තරගය ජනවාරි 15 වැනිදා ත්‍රිවේන්ද්‍රම්හිදීත් පැවැත්වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තරගාවලිය වෙනුවෙන් නායක රෝහිත් ශර්මා සහභාගී නොවනු ඇති බවයි.

ආබාධයක් හේතුවෙන් ඔහු පසුගියදා පැවති බංග්ලාදේශ තරග සංචාරයට ද එක්වූයේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයෙන් ලෝකේෂ් රාහුල් ද ඉවත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ආසියානු කුසලාන තරගාවලිය ඇතුලු තරග 16කදී අර්ධ ශතක 6ක් පමණක් ලබා තිබීම හේතුවෙන් එම තීරණය ගන්නා බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අස්වැසුම ගන්න ආ මිනිස්සු දැඩි අසීරුතාවක
01:11
Video thumbnail
ගී කෝකිලාවියට සමුදෙන්න දේශපාලන ප්‍රබලයෙකුත් එයි.."එතුමිය වෙනුවෙන් මම අවු :18ක් කැපවුණා සර්"
01:47
Video thumbnail
දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව උණුසුම් වෙයි.."බොරු අයවැයට අපි විරුද්ධයි..විරුද්ධයි"
01:32
Video thumbnail
සජිත් එක්ක තිබුණු තරහට රනිල්, අනුරව ජනපති කළේ
04:53
Video thumbnail
ජොන්ස්ටන්ගේ පුතා ජොහාන් ප්‍රනාන්දු FCIDයට
00:50
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28


?