නව වසර ආරම්භයේම ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරයක් අරඹයි

2023 වසරේ ශ්‍රී ලංකා පිලේ පළමු ජාත්‍යන්තර තරගාවලිය ඉන්දියාවට එරෙහිව

2023 වසර උදාවේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉන්දීය කණ්ඩායම සමඟ තරගාවලියකට එක්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම තරගාවලියේදී එක්දින තරග 3ක් සහ T-20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි 03 වැනිදා මුම්බායිහිදී ආරම්භ වන T20 තරගයෙනුයි තරගාවලිය ආරම්භ වන්නේ.

එම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන ඉතිරි T20 තරග දෙක 05 වැනිදා පුනේහිදීත් 07 වැනිදා රාජ්කෝට් හිදීත් පැවැත්වෙනවා.

එම තරගාවලියෙන් අනතුරුව පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය ජනවාරි 10 වැනිදා ගුවාතිවලදීයි පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ.

දෙවන තරගය 12 වැනිදා කොල්කටා හිදීත් තුන්වන තරගය ජනවාරි 15 වැනිදා ත්‍රිවේන්ද්‍රම්හිදීත් පැවැත්වෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මෙම තරගාවලිය වෙනුවෙන් නායක රෝහිත් ශර්මා සහභාගී නොවනු ඇති බවයි.

ආබාධයක් හේතුවෙන් ඔහු පසුගියදා පැවති බංග්ලාදේශ තරග සංචාරයට ද එක්වූයේ නැහැ.

මේ අතර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලියට එක්වන ඉන්දීය සංචිතයෙන් ලෝකේෂ් රාහුල් ද ඉවත් කරනු ඇති බවටයි වාර්තා වන්නේ.

ආසියානු කුසලාන තරගාවලිය ඇතුලු තරග 16කදී අර්ධ ශතක 6ක් පමණක් ලබා තිබීම හේතුවෙන් එම තීරණය ගන්නා බව ඉන්දීය මාධ්‍ය අනාවරණ කළා.

2 5
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කෝටි 4ක කුෂ් සමඟ ඉන්දීය ව්‍යාපාරිකයෙක් ගුවන්තොටේ දී කොටුවෙයි
00:40
Video thumbnail
බය කරලා රට පාලනය කරන්න දෙන්නේ නෑ - නාමල් අනතුරු අඟවයි
04:37
Video thumbnail
විපක්ෂ නායක විදියට ඉස්මතුවෙන්නේ දැන් නාමල්..සජිත් ඇත්තටම දුර්වලයි..දියාරු ප්‍රතිපත්ති
02:33
Video thumbnail
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගැන මනෝජ් කිව්ව සැර කතාව..දේශපාලකෝ කියන ඒවා ගැන කවර කතාද ?
02:29
Video thumbnail
තමන්ගේ ඔඩොක්කුවේ ඉන්න අයට ඉස්සෙල්ලා හරියට නීතිය ක්‍රියාත්මක කරන්න
02:01
Video thumbnail
දැක්කද ගෝඨාභය හිටිය හැටි ? අනුරටවත් එහෙම වෙන්න නරකයි..අවම ගෞරවයක් දක්වන්න බැයිද ?
01:15
Video thumbnail
මගේ ජීවිතය ගැනත් බයයි..තර්ජන තියෙනවා..කපිලව ඇයි ආණ්ඩුවට ආරක්ෂා කළේ නැත්තේ ?
03:28
Video thumbnail
Praharaya | 5වන විධායක ජනාධිපති නිල මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ මනෝජ් ගමගේ සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:24:58
Video thumbnail
මහින්ද වෙනුවෙන් නාමල් එතනට ආවේ නැත්තේ ඇයි ?"ඇවිල්ලා ගියා..වැඩිවෙලා හිටියේ නෑ එයා"
02:18
Video thumbnail
නොතීසිය ලැබෙන්නේ කපිලගේ එළොව යෑමෙන් පස්සේ..මෙතන බරපතළ සැකයක් තියෙනවා..
03:15