Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දියාවේ සුපිරි පිතිකරු සූර්යවංශි ලෝක ක්‍රිකට් ඉතිහාසය උඩුයටිකුරු කරයි

ලෝක ‘List A’ එක්දින ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය සහ වේගවත්ම ද්විත්ව ශතකය වාර්තා කරමින් සමස්ත ක්‍රිකට් ලෝකයම මවිත කිරීමට ඉන්දියාවේ 15 හැවිරිදි යොවුන් පිතිකරු වෛභව් සූර්යවංශි සමත්ව තිබෙනවා.

දිනෙන් දින වාර්තා අලුත් කරමින් ක්‍රිකට් පිටියේ අවධානය දිනාගත් ඉන්දීය යොවුන් ක්‍රීඩක වෛභව් සූර්යවංශි, දෝහාහිදී පැවැත්වෙන ආසියානු කුසලාන නැගී එන ක්‍රීඩකයින්ගේ තරඟාවලියේ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර පැවති තරඟයේදී මෙම වාර්තාගත ශතකය රැස් කළේ පන්දු 28කිනි.

ඒ අනුව, මීට පෙර පන්දු 29කින් ශතකයක් රැස්කරමින් ඔස්ට්‍රේලියාවේ ජේක් ෆ්‍රේසර්-මැක්ගර්ක් පිහිටුවා තිබූ වාර්තාව බිඳ වැටුණා.

දෝහා නුවර පැවැත්වෙන ‘Asia Cup Rising Stars’ තරඟාවලියේ එක්සත් අරාබි එමීර් කණ්ඩායමට එරෙහිව ඉන්දියානු ‘ඒ’ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කළ සූර්යවංශි, පන්දු 53කදී නොදැවී ලකුණු 204ක් රැස්කරමින් මෙම විශ්මිත ඉනිම ක්‍රීඩා කළා.

අනතුරුව ඊළඟ ලකුණු 100 සඳහා වැය කළේ පන්දු 24ක් පමණි. ඒ අනුව පන්දු 52කදී සිය ද්විත්ව ශතකය සම්පූර්ණ කළ සූර්යවංශි, මීට පෙර චැඩ් බෝව්ස් පන්දු 103කින් තබා තිබූ ලෝක වාර්තාව අඩකටත් වඩා අඩු පන්දු සංඛ්‍යාවකින් සුණුවිසුණු කර දැමීමට සමත්වුණා.

මෙම ඉනිමත් සමඟ ලෝක List-A’ ක්‍රිකට් පිටියේ ප්‍රධානතම සන්ධිස්ථාන වාර්තා 4ක් එකවර තමන් සතු කර ගැනීමට මේ යොවුන් ක්‍රීඩකයා සමත්ව සිටිනවා.

වේගවත්ම අර්ධ ශතකය (50): පන්දු 11යි (මෙම වසර මුලදී ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව)
වේගවත්ම ශතකය (100): පන්දු 28යි (මෙම තරගයේදී)
වේගවත්ම ලකුණු 150: පන්දු 40යි (බිහාර් කණ්ඩායම වෙනුවෙන් පන්දු 59කින් තබා තිබූ සිය පැරණි වාර්තාව බිඳ හෙළමින්)
වේගවත්ම ද්විත්ව ශතකය (200): පන්දු 52යි (මෙම තරගයේදී)

මෙය සූර්යවංශි සිය List A ක්‍රිකට් දිවියේ ක්‍රීඩා කළ 16 වන ඉනිම වන අතර, ඔහු වාර්තා කළ දෙවන ශතකය ද වෙනවා.