AFC Banner
AFC Banner
Empty Ad

ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ අද(12)කැඳවූ අවස්ථාවේදී එම නඩුව මෙලස කල් දැමීමටයි මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් නියෝග කළේ.

ඕස්ට්‍රේලියානු පොලිසියට සාක්ෂි සුදානම් කිරීමට කල් ලබා දීම සඳහා නඩුව ලබන පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුක්ෂක ගුණතිලක අධිකරණයේ පෙනී නොසිටි බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඇප කොන්දේසි එලෙසම ඉදිරියටත් වලංගු බවයි නඩුව කල් තබමින් මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් ප්‍රකාශ කර ඇත්තේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුදාහරිනු ලැබු‍වේ පසුගිය වසරේ නොවැම්බර් 17 වනදායි.

නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි ඇප කොන්දේසි රැසක් එහිදි පැනවු අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද ඔහුට තහනම් කරනු ලැබුවා.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීම ද ඇප කොන්දේසිවලට අයත්.

අද අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේදී සඳහන් කළේ, එම දැඩි නීති ඉදිරියටත් වලංගු බවයි. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළිත් පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?