ධනුෂ්ක ගුණතිලකගේ නඩුව කල් යයි

කාන්තාවකට අතවර කිරීමේ චෝදනා ලැබ ඇප මත නිදහස්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩුව ලබන පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් දමා තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ සිඩ්නි ඩව්නිං සෙන්ටර් අධිකරණයේ අද(12)කැඳවූ අවස්ථාවේදී එම නඩුව මෙලස කල් දැමීමටයි මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් නියෝග කළේ.

ඕස්ට්‍රේලියානු පොලිසියට සාක්ෂි සුදානම් කිරීමට කල් ලබා දීම සඳහා නඩුව ලබන පෙබරවාරි මස 23 වැනිදා දක්වා කල් තැබූ බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

අද (12) නඩුව කැඳවූ අවස්ථාවේදී ධනුක්ෂක ගුණතිලක අධිකරණයේ පෙනී නොසිටි බව ද එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ඇප කොන්දේසි එලෙසම ඉදිරියටත් වලංගු බවයි නඩුව කල් තබමින් මහේස්ත්‍රාත් ඩේවිඩ් ප්‍රයිස් ප්‍රකාශ කර ඇත්තේ.

සිඩ්නි හි නැගෙනහිර රෝස් බේ හි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළව ධනුෂ්ක ගුණතිලකව නොවැම්බ්ර් මස 6 වෙනිදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම රැඳී සිටි හෝටලයේදී සිඩ්නි පොලිසියේ අත්අඩංගුවට ගනු ලැබුවා.

දින 11ක් පාර්ක්ලීහී පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා තැබීමේන් පසු ඔස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂ 02ක මුදල් ඇපයක් මත ධනුෂ්ක ගුණතිලක මුදාහරිනු ලැබු‍වේ පසුගිය වසරේ නොවැම්බර් 17 වනදායි.

නමුත් ධනුෂ්ක ගුණතිලකට දැඩි ඇප කොන්දේසි රැසක් එහිදි පැනවු අතර රාත්‍රී 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් ද ඔහුට තහනම් කරනු ලැබුවා.

ඊට අමතරව පැමිණිලිකාරිය ඇමතීමට හෝ සම්බන්ධ කරගැනීමට කටයුතු කිරීමෙන් වැළකීම සහ ටින්ඩර් ඇතුළු යෙදුම් භාවිත කිරීමෙන් වැළකීම ද ඇප කොන්දේසිවලට අයත්.

අද අධිකරණයේ නඩුව කැඳවු අවස්ථාවේදී සඳහන් කළේ, එම දැඩි නීති ඉදිරියටත් වලංගු බවයි. ඒ අනුව ධනුෂ්ක ගුණතිලකගේ නඩුව යළිත් පෙබරවාරි 23 වනදා කැඳවීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිඹුලෙකුට ගොඳුරු වූ තරුණයා - නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:47
Video thumbnail
නීතිඥ සංගමය, වෘත්තීය සංගම් අලුත් කඩේ අධිකරණය වටලයි - අනුරගේ ආණ්ඩුවත් කළු පැල්ලමක් ඉතිහාසයට එක් කළා
09:03
Video thumbnail
පියංකර ජයරත්න වැලිකඩ බන්ධනාගාරයට
00:39
Video thumbnail
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් නලින්ද ආයාචනා කරයි - විපක්ෂය උද්ඝෝෂණ කළාට අපිට දැනෙන්නේ නෑ
06:33
Video thumbnail
මන්ත්‍රී කාවින්දගේ නිවස පිටුපසින් අත්බෝ#බයක් හමුවෙයි
00:33
Video thumbnail
නාමල් ලි#ගික අල්ලස ගත්තේ නෑ - නාමල් නිර්දෝශියි
06:03
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:12:47
Video thumbnail
ආණ්ඩුවේ රැළිවලට යන වියදම දරන්නේ රටේ ජනතාවගේ මුදල්වලින්ද ?NPP එක වියදම් දරන්නේ
02:01
Video thumbnail
වසර 7කට හිරේට ගිය පියංකර ගැන නලින්ද කට අරියි - දැනට පවතින නීතිය අනුව වැඩ වෙන්නේ
03:02
Video thumbnail
ක්‍රීඩා පිටි නොදුන් නිසා පොහොට්ටුවෙන් දැඩි චෝදනා ?දෙකයි පනහේ වැඩ කරන්න එපා
10:05