දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (වීඩියෝ)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වරෙන්තුවේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

අදාළ හෝටලය ඉදිරිපිට දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා.

අපරාධ කල්ලි නායකයෙකුගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණා.

වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාව මත සිදුකළ වෙඩි තැබීමක් බවත්, ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව කිසිඳු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසටත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූලව සිදු නොවී ඇති බවත්, ඒ අනුව එම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටක් අත්අඩංගුවට ගෙන මෙම නඩුවේ සැකකරු ලෙස නම් කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
3
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55


?