දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු (වීඩියෝ)

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් අටදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.

මාතර මහේස්ත්‍රාත් අධිකරණය මඟින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවට මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම වරෙන්තුවේ පිටපත් වැඩබලන පොලිස්පතිවරයාට සහ නීතිපති දෙපාර්තමේන්තුට යොමුකර ඇති බවයි වාර්තා වුණේ.

2023 වසරේ දෙසැම්බර් 31 වනදා මාතර, වැලිගම, පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිදුවීමට අදාළවයි මෙලෙස වරෙන්තු නිකුත් කර ඇත්තේ.

අදාළ හෝටලය ඉදිරිපිට දී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එල්ල කළ වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙක් ජීවිතක්ෂයට පත් වුණා.

අපරාධ කල්ලි නායකයෙකුගේ සමීපතමයන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් වැලිගම ප්‍රදේශයට ගොස් තිබුණා.

වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාව මත සිදුකළ වෙඩි තැබීමක් බවත්, ඒ අනුව එම නිලධාරීන්ට එරෙහිව කිසිඳු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසටත් දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නිත්‍යානුකූලව සිදු නොවී ඇති බවත්, ඒ අනුව එම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවක වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු අටක් අත්අඩංගුවට ගෙන මෙම නඩුවේ සැකකරු ලෙස නම් කිරීමට නියෝග කර ඇති බවයි වාර්තා වුණේ.

  1. මේ හොර තක්කඩි පොලිස්පතියාට හොඳ වැඩේ. මුගේ පත්වීමේ මුල්ම දවසේ රිවෝල්වරය නැතිකර ගත් මොහොතේ, ඒක සොයා දුන්නේ, මමයි. එහෙම එකා, කෙලෙහි ගුණ නොපා, කෑ පතේ පැහැරූ වසලයෙක් මේකා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්පත් කරගත් ආර්ථික ජයග්‍රහණ ගමට තල්ලු කළ යුතුයි - බිඳ වැටුණු ව්‍යාපෘති විශාල අවුල් ජාලාවක්
09:56
Video thumbnail
අද පැවිදි වෙන අයට වඩා සිවුර අරින අය වැඩියි - උදාර වැඩපිළිවෙලක් කිරීම රජයේ ඉතාම කාලෝචිත ක්‍රියාවක්
07:19
Video thumbnail
22 ගැන කට ඇරපු ක්‍රීඩා ඇමති - එක කණ්ඩායමකගේ අතේ තියෙන දේපළ වෙලා
04:23
Video thumbnail
හිටපු පාලකයින් හිටවපු ගස් කපලා අලුත් ගස් හිටවන දඹුල්ලේ නගරාධිපති - ප්‍රජාව අපිට චෝදනා කළා
02:05
Video thumbnail
22 වන සංශෝධනයට එරෙහිව ලිබර්ටි වට රවුමේ විරෝධතාවක් - ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන්නේ
03:09
Video thumbnail
මේක ජනතාවගේ ආණ්ඩුවක් - අපේ පෞද්ගලික ආණ්ඩුවක් නෙවෙයි..ඔවුන්ගේ පන්නයේ මැති ඇමතිලා නෙවෙයි මේ
03:23
Video thumbnail
රාත්‍රී තැපැල් දුම්රිය කිහිපයක්ම අවලංගු කරයි - මගීන් අමාරුවේ දාන්නේ රාජ්‍ය නිලධාරින්
04:46
Video thumbnail
අපේ දෑත් පිරිසිදුයි, අපේ හදවත පිරිසිදුයි
00:25
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි
01:02
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06