දේශපාලන වේදිකාවක කතා කිරීමෙන් අසාදු ලේඛන ගතවූ හිටපු ගුවන් හමුදා නිලධාරියාට සහනයක්

ජාතික නිදහස් පෙරමුණේ වේදිකාවක අදහස් පළකිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් සංජීව තුහියකොන්තා මහතාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව තුළ “අසාදු ලේඛන” ගත කරමින් නිකුත් කල ලිපිය ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ වෙනුවෙන් සංශෝධිත ලිපියක් නිකුත් කිරීමට සූදානම් බවත් ගුවන් හමුදාපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා.

කිසිදු නිදහසට කරුණු විමසීමකින් තොරව තමන්ව අසාදු ලේඛණ ගත කිරීමට ගුවන් හමුදාපතිවරයා ගනු ලැබූ තීරණය හේතුවෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික එයාර් වයිෂ් මාෂල්වරයා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි ගුවන් හමුදාපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය මෙම දැනුම් දීම සිදු කළේ.

එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියේ පෙත්සම්කරු අසාදු ලේඛනගත කරමින් දැනට නිකුත් කර තිබෙන ලිපිය ඉල්ලා අස්කර ගැනීමට තම සේවාදායකයා සූදානම් බවයි.

එසේ ඉල්ලා අස්කර ගන්නා ලිපිය වෙනුවට පෙත්සම්කරු “අසාදු ලේඛන ගත කිරීමේ” තීරණය ඉවත් කර ඒ වෙනුවට සංශෝධිත ලිපියක් නිකුත් කිරීමට කටයුතු කිරීමට සූදානම් බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය අධිකරණයට දන්වා සිටියා.

මෙහිදී විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය වෙත ප්‍රශ්නයක් යොමු කළේ පෙත්සම්කරු විශ්‍රාම ගිය නිලධාරියෙකු බැවින් ඔහු සම්බන්ධයෙන් කටයුතු කිරීමට ගුවන් හමුදාපතිවරයාට තිබෙන නෛතික බලය කුමක්ද යන්නයි.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරිය සඳහන් කළේ පෙත්සම්කරු ගම්පහ ප්‍රදේශයේ දී සිදු කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයකින් ජාතික ආරක්ෂාවට එල්ල වන තර්ජන සහ ගුවන් හමුදාවේ විනය යන කාරණා සැලකිල්ලට ගෙන මෙම තීරණය ගැනුණු බවයි.

කෙසේවෙතත් මෙම තීරණය ගැනීමට පාදක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රෙගුලාසිවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියෝග කළා.

ඉන් අනතුරුව අධිකරණය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරියට නියෝග කළේ වර්තමානයේ පෙත්සම්කරුට එරෙහිව නිකුත් කර තිබෙන ලිපිය ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව නිකුත් කිරීමට යෝජිත සංශෝධිත ලිපියේ කෙටුම්පතක් මෝසමක් මාර්ගයෙන් අධිකරණය හමුවේ ගොනු කරන ලෙසයි.

එම යෝජිත සංශෝධිත ලිපියේ අන්තර්ගතය පිළිබඳව සලකා බලා තම ස්ථාවරය මීළඟ දිනයේ අධිකරණයට දැනුම් දෙන ලෙසත් මෙහිදී විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාළ පෙත්සම කරුණු සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 6 වනදා කැඳවීමට ද අධිකරණය විසින් දින නියම කරනු ලැබුවා.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ගුවන් හමුදාපතිවරයා, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිවරයා, ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.

ගුවන් හමුදාවේ නියමු නිලධාරියෙකු වශයෙන් සේවයට එක්ව උතුරු නැගෙනහිර යුධ මෙහෙයුම් ගණනාවකට සහභාගි වී ඇති තමන් වීරවික්‍රම විභූෂණ, රණශූර ඇතුළු පදක්කම් රාශියක් ලබා ගෙන ඇති බව පෙත්සම්කරු කියාසිටියා.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තමන්ව අසාදු ලේඛනගත කර ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ ඉකුත් මාර්තු මස 10 දා සංසරණය වූ ලිපියක සඳහන් කර තිබූ බව පවසන පෙත්සම්කරු ජාතික ජන බලවේගයේ දේශපාලන වේදිකාවක දී අදහස් ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම අසාදු ලේඛන ගත කිරීම සිදු වූ බව ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කර ඇති බවත් ඔහු කියා සිටියා.

එහෙත් තමන් කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදුකර නොමැති බව පවසන පෙත්සම්කරු ගුවන් හමුදාපතිවරයාගේ මෙම තීරණය අත්තනෝමතික සහ අසාධාරණ බවත් විශ්‍රාමික නිලධාරියෙකු වන තමාට එරෙහිව මෙවැනි නියෝගයක් නිකුත් කිරීමට ගුවන් හමුදාපතිවරයාට බලයක් නොමැති බවත් කියා සිටිනවා.

මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 5ක වන්දියක් අය කර දෙන නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
0
+1
6
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?