දේවස්ථාන බෝම්බය ඇටවූ පුද්ගලයා තවත් බෝම්බ තැබු බවට හෙළි කරයි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබූ පුද්ගලයා විසින් තවත් බෝම්බ දෙකක් අටවා තිබූ බවට අනාවරණය වී තිබේ.

අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මේ බව පැවසීය.

ඒ අනුව අදාළ සැකකරු විසින් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තැබූ බෝම්බයත් බෙල්ලන්විල පන්සල් භූමියේ තැන්පත් කළ බෝම්බයත් අටවා ඇතැයි අනාවරණය වී තිබේ.

පසුගිය ජනවාරි මස 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගනු ලැබීය.

පසුව පිළිමයක් මත තිබු බෝම්බය පහළින් තබන පුද්ගලයෙකු සහිත CCTV දර්ශන දැකීමෙන් අනතුරුව එම ස්ථානයේ වැඩකළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණි. 

ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදුකිරීමේ දී එම බෝම්බය එතැනට ගෙනැවිත් ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගෙන් බවට අනාවරණය වු බව ද ලේකම්වරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ලේකම්වරයා,

“මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයාගේ අනන්‍යතාවය දැනගැනීමෙන් අනතුරුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ ප්‍රකාශ අනුව ඔහු පොලීසියට දන්වා සිටිනවා ඔහුව මෙහෙයවන ලද පුද්ගලයෙකු පිළිබඳ. ඒ අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කරලා පිළියන්දල ප්‍රදේශයේ සිටි වෛද්‍යවරයෙක් සැකකටයුතු අයෙක් ලෙසට අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දෙදෙනාගේ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී පොලීසියට සොයා ගැනීමට හැකිවෙනවා වෛද්‍යවරයාගේ තොරතුරු අනුව, ඔහු මෙම බෝම්බයට අමතරව, නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබු බෝම්බයත්, බෙල්ලන්විල පන්සල් භූමියේ තැබූ බෝම්බයත් මේ දේවස්ථානයේ බෝම්බයත් සමග අවස්ථා තුනේ දීම සම්බන්ධයෙක් ඇති බවට. ඒ අනුව බෝම්බය තැන්පත් කිරීමේ ක්‍රියාව සඳහා යොදවා ඇත්තේ, ඇඹිලිපිටියේ පුද්ගලයා බවත් තහවුරු වීමෙන් අනතුරුව මේ පුද්ගලයින්ට මේ බෝම්බ කෙසේ ලැබුණාද කියන පරීක්ෂණ සිදුකිරීමේ දී තවත් පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය වීමෙන් රන්න ප්‍රදේශයේ තවත් සැකකටයුතු පුද්ගලයෙක් මේ බෝම්බ ලබාදීම පිළිබඳව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම පුද්ගලයාත් ඇඹිලිපිටියේ පුද්ගලයාත් වෛද්‍යවරයා සමඟ සමීපව සම්බන්ධ වූ පුද්ගලයින් වන අතර, ඔවුන්ගේ ඉතිහාසයේ පසුගිය කාලයේ තොරතුරු සොයාබැලීමේ දී පසුගිය කාලයේ අපරාධ සම්බන්ධයෙන් සිරභාරයේ සිටි පුද්ගලයෙක් බව පෙනී යනවා. දොස්තරවරයා හා ඇඹිලිපිටියේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්තුමියට පාපොච්චාරණයක් ලබාදෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටියේ, අදාළ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපති උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවය.

මොවුන් ඉලක්ක කර ඇති බෝම්බ පුපුරා ගියේ නම් ජීවිත හානි සිදුවනවා පමණක් නොව සාමකාමි ජන ජීවිතය කඩා වැටෙන අවස්ථාවක් වන බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් විය හැකිව තිබු බවත් මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ජගත් අල්විස් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?