දේවස්ථාන බෝම්බය ඇටවූ පුද්ගලයා තවත් බෝම්බ තැබු බවට හෙළි කරයි

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ පුපුරායන ආකාරයට අත්බෝම්බයක් අටවා තැබූ පුද්ගලයා විසින් තවත් බෝම්බ දෙකක් අටවා තිබූ බවට අනාවරණය වී තිබේ.

අද (29) දින විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් මහතා මේ බව පැවසීය.

ඒ අනුව අදාළ සැකකරු විසින් නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තැබූ බෝම්බයත් බෙල්ලන්විල පන්සල් භූමියේ තැන්පත් කළ බෝම්බයත් අටවා ඇතැයි අනාවරණය වී තිබේ.

පසුගිය ජනවාරි මස 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථාන භූමියේ තිබී අත් බෝම්බයක් සොයාගනු ලැබීය.

පසුව පිළිමයක් මත තිබු බෝම්බය පහළින් තබන පුද්ගලයෙකු සහිත CCTV දර්ශන දැකීමෙන් අනතුරුව එම ස්ථානයේ වැඩකළ පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගැනුණි. 

ඔවුන්ගෙන් දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදුකිරීමේ දී එම බෝම්බය එතැනට ගෙනැවිත් ඇත්තේ වෙනත් පුද්ගලයෙකුගෙන් බවට අනාවරණය වු බව ද ලේකම්වරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ලේකම්වරයා,

“මහත් පරිශ්‍රමයක් දරා එම පුද්ගලයාගේ අනන්‍යතාවය දැනගැනීමෙන් අනතුරුව, ඇඹිලිපිටිය ප්‍රදේශයේ දී සැකකටයුතු පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නවා. ඔහුගේ ප්‍රකාශ අනුව ඔහු පොලීසියට දන්වා සිටිනවා ඔහුව මෙහෙයවන ලද පුද්ගලයෙකු පිළිබඳ. ඒ අනුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කරලා පිළියන්දල ප්‍රදේශයේ සිටි වෛද්‍යවරයෙක් සැකකටයුතු අයෙක් ලෙසට අත්අඩංගුවට ගන්නවා. ඔවුන් දෙදෙනාගේ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී පොලීසියට සොයා ගැනීමට හැකිවෙනවා වෛද්‍යවරයාගේ තොරතුරු අනුව, ඔහු මෙම බෝම්බයට අමතරව, නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක තිබු බෝම්බයත්, බෙල්ලන්විල පන්සල් භූමියේ තැබූ බෝම්බයත් මේ දේවස්ථානයේ බෝම්බයත් සමග අවස්ථා තුනේ දීම සම්බන්ධයෙක් ඇති බවට. ඒ අනුව බෝම්බය තැන්පත් කිරීමේ ක්‍රියාව සඳහා යොදවා ඇත්තේ, ඇඹිලිපිටියේ පුද්ගලයා බවත් තහවුරු වීමෙන් අනතුරුව මේ පුද්ගලයින්ට මේ බෝම්බ කෙසේ ලැබුණාද කියන පරීක්ෂණ සිදුකිරීමේ දී තවත් පුද්ගලයෙකු පිළිබඳ අනාවරණය වීමෙන් රන්න ප්‍රදේශයේ තවත් සැකකටයුතු පුද්ගලයෙක් මේ බෝම්බ ලබාදීම පිළිබඳව පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා. මෙම පුද්ගලයාත් ඇඹිලිපිටියේ පුද්ගලයාත් වෛද්‍යවරයා සමඟ සමීපව සම්බන්ධ වූ පුද්ගලයින් වන අතර, ඔවුන්ගේ ඉතිහාසයේ පසුගිය කාලයේ තොරතුරු සොයාබැලීමේ දී පසුගිය කාලයේ අපරාධ සම්බන්ධයෙන් සිරභාරයේ සිටි පුද්ගලයෙක් බව පෙනී යනවා. දොස්තරවරයා හා ඇඹිලිපිටියේ පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්තුමියට පාපොච්චාරණයක් ලබාදෙනවා.”

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලේකම්වරයා සඳහන් කර සිටියේ, අදාළ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීතිපති උපදෙස් මත ඉදිරි කටයුතු සිදුකරන බවය.

මොවුන් ඉලක්ක කර ඇති බෝම්බ පුපුරා ගියේ නම් ජීවිත හානි සිදුවනවා පමණක් නොව සාමකාමි ජන ජීවිතය කඩා වැටෙන අවස්ථාවක් වන බව ද ඔහු සඳහන් කළේය.

ජාතික ආරක්ෂාවට එය තර්ජනයක් විය හැකිව තිබු බවත් මෙම ක්‍රියාව සිදුකළ පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් කිහිපදෙනෙකු පිළිබඳ මේ වනවිට විමර්ශන ආරම්භ කර ඇතැයි ද ජගත් අල්විස් මහතා පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජයට බොහෝම ස්තූතියි - ගොවියට සාධාරණ මිලක් දීලා තියෙන්නේ
02:28
Video thumbnail
වසර 15කට පෙර කළ ඝා#නයකට දෙදෙනෙකුට ම#ණ දඬුවම් නියමකරයි
00:52
Video thumbnail
හිටපු ඇමති විමල් වීරවංශගේ සහෝදරයා රිමාන්ඩ් - බෑග් එකත් අරගෙන නිල් පාට බස් එකේ ගිය හැටි
02:50
Video thumbnail
ආණ්ඩුව ගොවීන්ව අමතක කරලා හිතුවක්කාර පාලනයක් කරනවා
06:57
Video thumbnail
බීඩි ගහගෙන හිටපු එවුන්ට බලය දුන්නා - මුන් දැන් නාඩගම් නටනවා
02:27
Video thumbnail
සේවක අර්ථසාධක, භාරකාර අරමුදලේ ඇත්ත නැත්ත නි. ඇමති හෙළිකරයි - වැරදි අවබෝධයක් තියෙන්නේ
12:10
Video thumbnail
මුළු ගමටම ඩෙංගු හැදිලා තියෙද්දීත් වගකීමක් නැතුව වැඩ කරනවා
04:20
Video thumbnail
අත්භූත සරමක් ගමක් කළඹයි - කාන්තාවකගේ නිදි යහනට පැනලා සරම දාලා දුවයි
01:07
Video thumbnail
ඉතා ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ හැකියාව ප්‍රබල මට්ටමක - ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාවකුත්
06:47
Video thumbnail
නිවාස අඩස්සිය දේශපාලඥයින්ට අදාළ වෙන්නේ නෑ
03:54