දෙහිඅත්තකණ්ඩියේ අනතුරකින් එකම පවුලේ මව සහ බාල දරුවා මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව, මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් තිබෙනවා.

මියගිය මව වයස අවුරුදු 33 ක් හා දරුවා වයස අවුරුදු 02 ක් වූ මාවනාගම, දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11 ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෘත ශරීර දෙහි අත්තකණ්ඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත බව පොලිසිය සඳහන් කළා.

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
10
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?