දෙහිඅත්තකණ්ඩියේ අනතුරකින් එකම පවුලේ මව සහ බාල දරුවා මරුට

දෙහිඅත්තකණ්ඩිය පොලිස් වසමේ පොලොන්නරුව, මහියංගණය මාර්ගයේ මුවගම්මන ප්‍රදේශයේදී දෙහිඅත්තකණ්ඩිය දෙස සිට මහියංගණය දෙසට ධාවනය වූ මඟී බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පවසනවා.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ හා පිරිමි දරුවන් දෙදෙනා බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුලත් කිරීමේදී මව හා එක් දරුවෙකු මියගොස් තිබෙනවා.

මියගිය මව වයස අවුරුදු 33 ක් හා දරුවා වයස අවුරුදු 02 ක් වූ මාවනාගම, දෙහි අත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ත්‍රීරෝද රථයේ රියදුරු සහ වයස අවුරුදු 11 ක් වන දරුවා වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලොන්නරුව රෝහලට මාරු කර යවා තිබෙනවා.

මෘත ශරීර දෙහි අත්තකණ්ඩිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අතර අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගත බව පොලිසිය සඳහන් කළා.

දෙහිඅත්තකණ්ඩිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23