Empty Ad
AFC Banner
Empty Ad

දෙවුන්දර වෙඩි තැබීමේ සිද්ධියේ සැකකාරියක් සහ සැකකරුවන් 03ක් රිමාන්ඩ්

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට සිංහාසන මාර්ගයේ දී පසුගිය 21 වනදා රාත්‍රියේ දී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ කතාවක් ඇතුළු තවත් පුද්ගලයන් තිදෙනෙක් ලබන 08 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, අදාළ සැකකාරිය සහ සැකකරුවන් අද (29) දින මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු මෙම සිව්දෙනා අද (29) දින දක්වා රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබුණා.

එම රැඳවුම් කාලය අවසන් වීමෙන් අනතුරුවයි මොවුන් සිව්දෙනා මෙලෙස මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළේ.

එම සැකකරුවන් 23, 29, 30 සහ 44 යන වයස්වල පසුවන ගන්දර සහ දෙවිනුවර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලය ඉදිරිපිට සිංහාසන මාර්ගයේ දී පසුගිය 21 වනදා සිදුකළ මෙම වෙඩි තැබීමෙන් තරුණයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?