AFC Banner
Empty Ad
Empty Ad

දෙවන T20 තරගයට තවත් හෝරා කිහිපයක් තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඇසෙන කතාව

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියාව අතර අද (05) පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිඳු වෙනස්කමක් සිදුනොවනු ඇති බව තොරතුරු වාර්තා වනවා.

කෙසේ වෙත්ත අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ භානුක රාජපක්ෂ සහ ධනංජය ද සිල්වා අද තරගයේදීත් ලකුණු අතරට පැමිණීමට අපොහොසත් වුවහොත් තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගයේ දී අවිශ්ක ප්‍රනාන්දුට සහ අශේන් බණ්ඩාරට එම ස්ථාන හිමිවනු ඇති බවයි.

මේ අතර අද තරගයේදී ඉන්දීය කණ්ඩායමේ එක් වෙනස්කමක් සිදුවන බවට ද තොරතුරු වාර්තා වුණා.

ඒ දණහිසේ ආබාධයකට ලක් වූ සංජු සැම්සන් වෙනුවට ජිතේෂ් ෂර්මා කැදවනු ඇති බවටයි.

දෙරට අතර පැවති පළමු තරගය ඉන්දීය කණ්ඩායම සමත් වූ අතර තරගාවලියේ ජයග්‍රහණය ගැන බලාපොරොත්තු තබා ගැනීමට නම් අද තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට අනිවාර්යය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
24
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?