AFC Banner
AFC Banner
Empty Ad

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ආරම්භ වුණා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, මුර්දු ප්‍රනාන්දු සහ ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ යි මෙම පෙත්සම් විභාගය පැවැත් වුණේ.

මෙහිදී පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අල්ලස් කොමිසමේ නීති නිලධාරීන් 10 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් පෙන්වා දුන්නේ යෝජිත පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති වලින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කිරීමට නියමිත කොමිසමේ ස්වාධීනත්වයට බාධා සිදුවන බවයි.

අදාළ පනත් කෙටුම්පත යටතේ ස්ථාපිත කරන කොමිසම සාමාජිකයින් තුන්දෙනෙකුගෙන් සමන්විත වන අතර එම සාමාජිකයින් ව්‍යවස්ථාදායක සභාවේ නිර්දේශ මත ජනාධිපතිවරයා විසින් පත්කරන බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දී තිබෙනවා.

එම කොමිසමට පත් කරන සාමාජිකයින්ගේ සුදුසුකම් වශයෙන් නීතිය සමග විගණනය, වෝහාරික විගණනය, ඉංජිනේරු, ජාත්‍යන්තර සම්බන්ධතා, විදේශ සේවා, රාජ්‍ය කළමණාකරන යනාදී ක්ෂේත්‍රවල වසර 20කට වඩා වැඩි පළපුරුද්දක් තිබිය යුතු බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා කියාසිටියේ මේ තුළින් සෙසු වෘත්තීන් වලට සම්බන්ධ පුද්ගලයින් ප්‍රතික්ෂේප කිරීමක් සිදුකර ඇති බවයි.

මේ තුළින් නීතිය ඉදිරියේ සමාන සැලකිලි ලැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දෙනු ලැබුවා.

එමෙන්ම අදාළ කොමිසම සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම කථානායකවරයා හරහා විෂය භාර අමාත්‍යවරයා විසින් සිදු කළ යුතු බවට අදාළ පනත් කෙටුම්පතේ සඳහන් ප්‍රතිපාදනය ද ගැටලු සහගත බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය කටයුතුවලදී කතානායකවරයාට වගකීමක් හිමි නොවන බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා මේ තුළින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය කප්පාදු වීමක් සිදු වන බවත් පෙන්වා දුන්නා.

යෝජිත කොමිෂන් සභාව විසින් අයකරගන්නා දඩ මුදල් සහ වන්දි එම කොමිසමේ අරමුදලට බැර විය යුතු බව යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් කර ඇතැයි ජනාධිපති නීතිඥවරයා සඳහන් කළා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් ලෙසයි ඔහු පෙන්වා දුන්නේ.

අයකර ගනු ලබන දඩ මුදල් බැර විය යුත්තේ රජයේ ඒකාබද්ධ අරමුදලට යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා එසේ නොකොට අදාළ දඩ මුදල් වෙනත් අරමුදලකට බැර කිරීම නීතිවිරෝධී බවත් සඳහන් කළා.

තව දුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ යෝජිත පනත් කෙටුම්පතේ සඳහන් වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවට දක්වා ඇති බවයි.

සුවිශේෂ කරුණු ඉදිරිපත් වන අවස්ථාවලදී පමණක් එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන්ට ඇප දීමේ බලය මහෙස්ත්‍රාත්වරුන්ට ලබා දී තිබෙනවා.

මෙය සම්පූර්ණයෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මගින් සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් වලට පටහැනි බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

අත්අඩංගුවට ගනු ලබන සැකකරුවකුට ඇප ලබාදීම අපගේ නීතියේ පවතින මූලික මූලධර්මය යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළේ සැකකරුවකු නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීම ඔහුට දෙන දඬුවමක් ලෙසටයි.

මීට අමතරව අදාළ පනත් කෙටුම්පතේ අන්තර්ගත තවත් නීතියට පටහැනි වගන්ති කිහිපයක් පිළිබඳවද ජනාධිපති නීතිඥවරයා දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළා.

අවසන් වශයෙන් ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම ප්‍රශ්නගත වගන්ති සම්මත කිරීමට අවශ්‍ය නම් ඒවා ජනතාව විසින් ජනමත විචාරණයකින් ද අනුමත කළ යුතු බවයි.

ඉන් අනතුරුව වැඩිදුර පෙත්සම් විභාගය ලබන සඳුදා (15) තෙක් කල් තැබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?