AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය ගාස්තුත් ඉහල යාවි ද ?

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සහ විෂයභාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලීම් කර ඇතත් තම සංගමය එම යෝජනාවට තරයේ විරුද්ධ වන බවයි.

රටේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ ජනතාව පීඩා විදින මෙම අවස්ථාවේදී දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවිය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. දුම්රිය ගාස්තු වැඩි නොකර විකල්ප ක්‍රම තුළින් දෙපාර්තමේන්තුව ලබන පාඩුව අවම කරගත හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඒ ඇතුලු කරුණු කිහිපයක් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?