දුම්රිය ගාස්තුත් ඉහල යාවි ද ?

දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සහ විෂයභාර අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද දිනයේ පැවැත්වීමට නියමිතයි.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පැවසුවේ දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු වැඩි කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් අවස්ථා කිහිපයකදීම රජයෙන් ඉල්ලීම් කර ඇතත් තම සංගමය එම යෝජනාවට තරයේ විරුද්ධ වන බවයි.

රටේ පවතින අර්බුධකාරී තත්වය හමුවේ ජනතාව පීඩා විදින මෙම අවස්ථාවේදී දුම්රිය ප්‍රවේශපත්‍ර ගාස්තු ඉහළ දැමීමක් සිදු නොවිය යුතු බවයි ඔවුන්ගේ අදහස වී ඇත්තේ. දුම්රිය ගාස්තු වැඩි නොකර විකල්ප ක්‍රම තුළින් දෙපාර්තමේන්තුව ලබන පාඩුව අවම කරගත හැකි බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පෙන්වා දෙනවා.

ඒ ඇතුලු කරුණු කිහිපයක් අද පැවැත්වෙන සාකච්ඡාවේදී අමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට නියමිත බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33