Empty Ad
AFC Banner
Empty Ad

දිවයින් පුරා වැසි…

දිවයිනට ගිනිකොණ දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වනවිට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිත ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.එය ඉදිරි පැය 24 තුළ දී තවදුරටත් දිවයිනෙන් බැහැර ව නැගෙනහිර දෙසට ගමන් කරනු ඇති.

උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි ඇති වෙන බවයි වාර්තා වෙන්නේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

උතුරු, උතුරු-මැද සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?