දියතලාවෙත් ගෑස් ලිපක් පුපුරයි

දියතලාව දොඩම් වත්ත හෙලවත්ත නිවසක අද (30) ගෑස් ලිපක් පිපිරී ගොස් ඇතැයි දියතලාව පොලිසිය කියයි.

මෙම පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර ගෑස් ලිප පුපුරන අවස්ථාවේ නිවසේ සිටි දර්ශන ලක්මාල් 26 මෙසේ පවසා සිටිනවා. ගෑස් ලිප් පුපුරන බව කියන නිසා අපි උදේ දර ලිපෙන් තමයි කෑම හැදුවේ. මමයි අම්මයි නංගිලා දෙන්නයි ගෙදර ඉන්නේ. හයයි තිහට විතර අම්මා නංගිව පාසල් යවන්න පාරට එක්කරගෙන ගියා.මම කාමරයේ හිටියේ.

 කුස්සියෙන් එක් වරම විශාල ශබ්දයක් ඇසුනා. මම බෙඩ් ෂීට් එක අරගෙන ඇවිත් වහලා රෙගුයුලේටරය ගලවලා ගෑස් සිලින්ඩරේ එළියට දැම්මා. ගෑස් ලිප විනාශ වී තිබුණ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !