ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් – ජනපති

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලදී මතු වන හදිසි පාලම්, මාර්ග හෝ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම රජයේ අනුමැතිය එනතෙක් ප්‍රමාද නොකර සෘජුවම දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ඉටු කිරීමට අවස්ථාව ලැබෙන පරිදි ඉදිරි අයවැයෙන් සෑම දිස්ත්‍රික්කයකටම වෙනම මුදල් සංචිතයක් ලබා දීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනතාවගේ මූලික අවශ්‍යතා කඩිනමින් ඉටු කිරීම රජයේ ප්‍රමුඛ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි අද (09) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් ලේකම් සමුළුවට එක් වෙමින්.

දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය, අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධීකරණය, දිස්ත්‍රික් මට්ටමේ පවතින ගැටලු හඳුනාගෙන ඒවාට ප්‍රායෝගික විසඳුම් යෝජනා කිරීම සහ ඉදිරි ක්‍රියාමර්ග සහ වගකීම පැවරීම මෙහිදී සිදු කෙරුණා.

ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අධි අවදානම් ලෙස හඳුනාගත් ප්‍රදේශවල නැවත පදිංචි වීමට ඉඩ නොතැබීමටත්, එවැනි ප්‍රදේශ සඳහා විදුලිය සහ ජලය වැනි මූලික පහසුකම් සඳහා අනුමැතිය ලබා නොදීමට ප්‍රාදේශීය ලේකම්වරුන් පියවර ගත යුතු බවත් මෙහිදී අවධාරණය කෙරුණා.

මධ්‍යම කඳුකරයේ සංවේදී භූමිය කළමනාකරණය කිරීම සඳහා විශේෂ බලතල සහිත අධිකාරියක් පිහිටුවීමේ කටයුතුවල ප්‍රගතියද ජනාධිපතිවරයා විමසා බැලු අතර, ඊට අදාළ පනත් කෙටුම්පත මේ වන විට සකස් කර ඇති බවත්, ලබන වසරේදී නව අධිකාරියේ කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් වුණා.

එමෙන්ම, යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ නිවාස ගැටලුව කඩිනමින් විසඳීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කළ ජනාධිපතිවරයා, යුද්ධයෙන් අවතැන් වූ පවුල් 13,000ක් ලබන වසරේදී නැවත පදිංචි කිරීමට සැලසුම් කර තිබෙන බවද සඳහන් කළා.

නිරන්තරයෙන් ගංවතුර සහ නායයම්වලට ලක්වන ප්‍රදේශවල ජනතාව සුරක්ෂිත නිවසක පදිංචි කිරීමේ වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ක්‍රියාවට නැංවීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

විවිධ හේතු මත සහ දේශපාලන වුවමනා මත අවිධිමත් අයුරින් ආරම්භ කර අතරමග අතහැර දමා ඇති නිවාස ඉදිකිරීම් පිළිබඳවද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳ කඩිනම් සමීක්ෂණයක් සිදු කර ජනතාවට අවශ්‍ය ව්‍යපෘති පමණක් හඳුනාගෙන, එම නිවාසවල වැඩ අවසන් කර ගැනීම වෙනුවෙන් නිවාස ආධාර ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කර තිබෙන බවද පැවසුවා.

එමෙන්ම නිවාස සහ අනෙකුත් ඉදිකිරීම්වලදී සැලැස්මක් යටතේ කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා දකුණු පළාතේ සිදු කෙරුණු අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත්, උතුර සහ නැගෙනහිර පළාත්වල ඉදිකිරීම් විධිමත් සැලැස්මක් යටතේ සිදු කළ යුතුව ඇති බවත් පෙන්වා දුන්නා.

අවශ්‍යතාව සලකා බලමින් හමුදා කඳවුරු භාරයේ පවතින ජනතාවගේ ඉඩම් නිදහස් කරන අතරම අනෙකුත් විශාල ඉඩම් ආයෝජන සඳහා ලබා දීමට අවධානය යොමුව තිබෙන බවත්, වගා කටයුතු සඳහා ඉඩම් ලබාදීමේදී වන සංරක්ෂණ හා වනජීවී කලාප ආරක්ෂා වන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබුවා.

ගුණාත්මක රාජ්‍ය සේවාවක් වෙනුවෙන් රාජ්‍ය අංශයේ පුළුල් ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම වෙනුවෙන් ඵලදායීතාවෙන් තොර ආයතන ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවද පැවසුවා.

එමෙන්ම සෞඛ්‍ය, අධ්‍යාපන ඇතුළු අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල පුරප්පාඩු පිරවීමට පියවර ගෙන ඇති බවත්,
බන්ධනාගාර තදබදය ඉහළ යාමට හේතු වී ඇති රසපරීක්ෂක වාර්තා ප්‍රමාදවීමේ ගැටලුව මගහරවා ගැනීමට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු කඩිනමින් පියවීමට පියවර ගෙන තිබෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් ද, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ආලෝක බණ්ඩාර යන මහත්වරු ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරු, සියලු දිස්ත්‍රික් ලේකම්වරු සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13